වැස්ස පායද්දි ඩෙංගු යළි හිස ඔසොවන්න පුළුවන් -ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුසිලා සමරවීර

  👤  2833 readers have read this article !
By mawbima 2018-10-12

නුවන් හෙට්ටිආරච්චි

වැසි සමය පහව යෑමත් සමඟ ඩෙංගු අවදානම රට තුළ නිර්මාණය විය හැකි බවත් පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩු වී ඇති බවත් ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුසිලා සමරවීර මහත්මිය පවසයි.

ගිය වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1,86,000ක් බවත් ඔක්තෝබර් මාසය වනවිට එම රෝගීන්ගේ සංඛ්‍යාව 1,50,000ක් බවට වාර්තා වූ බවත් සඳහන් කරන වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ අද වනවිට ඩෙංගු රෝගීන් 39,000ක් පමණක් වාර්තා වන බවයි.

ඒ අනුව ගත් කල 75%කින් ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ ගොස් ඇති බවත් නමුත් ඩෙංගු රෝගය මෙම වැසි තත්ත්වය සමඟ නැවත හිස එසවිය හැකි බවත් පෙන්වා දෙන වෛද්‍යවරිය සඳහන් කරන්නේ ප්‍රාදේශීය වසංගතවේද විශේෂඥ වෛද්‍යවරුන් 26 දෙනකු මඟින් සාමාන්‍ය ජනතාව දැනුවත් කරන බවත් ක්‍රමවේද කීපයක් යටතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම සිදුවනවාද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon