කලවාන ප්‍රා. සභාවේ විපක්ෂ නායක 25 තෙක් රිමාන්ඩ්

  👤  3020 readers have read this article !
By mawbima 2018-10-16

කලවාන - සේන ජයකොඩි

පහර දීම, බැනවැදීම, තර්ජනය කිරීම ඇතුළු පැමිණිලි කීපයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කලවාන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශානක මොල්ලිගොඩ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ලංගම නිලධාරියකුට පහරදීම, පෞද්ගලික බස් සේවකයකුට බැන වැදීම, ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි ලක්මාලි සෙනෙවිරත්න මහත්මියට තර්ජනය කිරීම හා කලින් නිකුත් කර තිබූ වරෙන්තුවක්ද හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර අතිරේක මහෙස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

ඔක්තෝබර් 25දා දක්වා සැකකරු රක්ෂිත බන්ධනගාරගත කෙරුණු අතර එදිනට පෙර මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙසද පොලිසියට නියම කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon