කටහඬ පරීක්ෂණයක් සඳහා දෙවැනි සැකකරු රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන්න-අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උසාවියෙන් නියෝග

  👤  3011 readers have read this article !
By mawbima 2018-10-16

ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා

නීති විරෝධී ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති ඇවන්ගාඩ් නඩුව ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දෙවැනි සැකකරු සහ නැව් අතර සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂණයක් සඳහා දෙවැනි සැකකරු රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය. මේ අතර ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා එම අවසරය ලබාදුන්නේ සැකකරු නැව් අතර සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂණයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සමඟ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.

ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා වූ ගෙනඩි ගැව්රිලොව් (ට්ඥදදචඤඪර ට්චමපරධඹ) පාවෙන අවි
=බඩාවේ අවි භාරකරු වන ‍ෙදාන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ එහි මෙහෙයුම් කළමනාකරු වන මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා යන සැකකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

පළමුව සැකකරුගේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ ඔහු මෙම ගිනි අවිවලට කිසිදු සම්බන්ධයක් නොමැති අතර ඔහු කළේ කපිතාන් හැටියට රැකියාවක් පමණක් බවය. ඔහු පැමිණි මාර්ගය සඳහන්ව ඇති බවත් ලංකාවට ඇතුළුවීමට බලය ලැබෙන තුරු ජාත්‍යන්තර මුහුදු සීමාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ වන විට ඔහු හෘද රෝගියකු බවත් ගිනි අවි තිබුණේ ලංකාණ්ඩුවේ නිලධාරීන් භාරගේ බවත් නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දෙවැනි තුන්වැනි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ අදටත් ඇවන්ගාඩ් සහ රක්නා ලංකා සමාගම් ක්‍රියාත්මක වන අතර මෙම ගිනි අවි සම්බන්ධයෙන් නීත්‍යනුකූල ලියවිලි තිබූ බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ආයතනයක ලිපි ලැබීම හා යැවීම පිළිබඳව ගනුදෙනු කරන ආකාරයක් තිබෙන අතර ඒ අනුව කිසිදු අවසර පත්‍රයක් නොතිබූ නිසා නැවේ කපිතාන්වරයා මෙයට වගකිවයුතු බවය.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින අතර ඔවුන් මේ වන විට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇති බැවින් විමර්ශන අවසන් නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය. මෙහිදී පරීක්ෂණ කඩිනම් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
වැඩිදුර විභාගය දෙසැම්බර් 16 වැනි දිනට කල් තබන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon