එකම ඔෟෂධය විවිධ මිල ගණන්වලට අලෙවි කරන ඔෟෂධ සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ-හිටපු ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ

  👤  3041 readers have read this article !
By mawbima 2018-10-17

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ඔෟෂධ වෙළෙඳ සමාගම් එකම ඔෟෂධය විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට එරෙහිව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කඩිනම් පියවර ගත යුතු යැයි හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.


එකම ඔෟෂධය විවිධ මිල ගණන්වලට අලෙවි කිරීම නවතාලමින් නීති සම්පාදනය කළද එම නීති ක්‍රියාත්මක වීම පිළිබඳව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක් බවද නීති ක්‍රියාත්මක නොවීම නිසා අවසානයේ පීඩාවට පත්වන්නේ අහිංසක රෝගීන් බවද හෙතෙම පැවසුවේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තිස්ස විතාරණ මහතා මෙසේද පැවැසුවේය.

ඔෟෂධ වර්ග අද විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙනවා. විවිධ වෙළෙඳ නම්වලින් ඔෟෂධ තිබෙනවා.

එකම බෙහෙත් වර්ගය විවිධ මිල ගණන් යටතේ විකිණෙනවා නම් එය ප්‍රශ්නයක්. වෙළෙඳ නමටයි රෝගියා වැඩිපුර ගෙවන්න ඕනේ. මේවාට නීති තිබෙනවා. නමුත් ඒවා මේ සමාගම්වලට අදාළද කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ දේවල් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවලට වහාම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුයි.

කෙතරම් සාකච්ඡා කළත් වතු කම්කරුවාගේ වැටුප් වැඩිවී තිබෙන්නේ රුපියල් 80යි. මේ ගැන වතුකරයේ දෙමළ නායකයන්ගේ නියෝජිතයන් සමඟත් අප කතා කළා. ජීවන මිල ඉහළ ගිහින් තිබෙන අවස්ථාවක මෙවැනි දේවලින් සිදුවන්නේ වතුකරයේ දැවැන්ත වැඩ වර්ජන ඇති වීමයි. ඒ කම්කරුවන්ට මීට වඩා වැටුප් වැඩිවිය යුතුයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon