මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ටත් උපාධියක්

  👤  2982 readers have read this article !
By mawbima 2018-10-17

උදයන්ති මුණසිංහ

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ ඩිප්ලෝමා ලබාගන්නා පිරිසට ඉදිරියේදී උපාධි ප්‍රදානය දක්වාම අවශ්‍ය සියලු පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

පසුගියදා කොළඹදී පැවැති මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 630 දෙනකුට ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ පුහුණු කාලය වසර 02 දක්වා වැඩි කිරීමේ චක්‍රලේඛයද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් 495කට, දන්ත කාර්මික ශිල්පීන් 07කට, දන්ත චිකිත්සක ශිල්පීන් 132කට මෙහිදී ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරිණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රුහුණ විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා ලබන වසරේදී (2019) අවශ්‍ය මුදල් වෙන කරන බවයි.

එමෙන්ම උපාධිධාරි හෙද හෙදියන් බිහි කිරීම සඳහා රුපියල් මිලියන දහඅට දහස් පන්සියයක (18,500) මුදලක් වැය කොට මහල් 17කින් යුත් ජාත්‍යන්තර මට්ටමේ හෙද පීඨයක් ඉදිකරන බවත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔෟෂධවේදී උපාධි පාඨමාලාව, රුහුණු විශ්වවිද්‍යාලයේ අතුරු වෛද්‍ය සේවා පීඨය ඇති කිරීමටද අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon