රු. මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් හා දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධිය නීතිපති උපදෙස් සඳහා කොටුව මහෙස්ත්‍රාත්ගෙන් සිහි කැඳවීමක්

  👤  2980 readers have read this article !
By mawbima 2018-10-17

අමිල අබේරත්න

පසුගිය ආණ්ඩුව යටතේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් සතොස මඟින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුවකට අදාළව නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නිකුත් කළාය.

එලෙස නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් නිකුත් කළේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු සතොස සභාපතිවරයකු වන නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර චෝදනා ලැබ සිටින සතොස ආයතනයේ ගබඩා පාලකවරයකු වශයෙන් සේවයේ යෙදී සිටි චමින්ද හර්ෂජිත් යන අය පමණක් අධිකරණයේ පෙනී සිටියේය.

පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගි වීම මත හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එලෙස අධිකරණයේ පෙනී නොසිටි අතර කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව හිටපු සතොස සභාපතිවරයා කෑගල්ල බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම මත ඔහුද නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටියේ නැත.
නඩුව ලබන වසරේ මාර්තු 13දා කැඳවීමට තීරණය කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon