පාපැදි පුහුණුවේ යෙදීසිටි හමුදා සෙබළා රිය අනතුරින් මරුට

  👤  3018 readers have read this article !
By mawbima 2018-10-17

 වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වවුනියාව කනගරායන්කුලම 561 බළසේනාවට අයත් යුද හමුදා සෙබළකු පාපැදි පුහුණුවේ යෙදෙමින් සිටියදී පෙරේදා (15දා) උදෑසන රිය අනතුරකට ලක්වීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ. වවුනියාව ඕමන්ත පොලිසිය පැවැසුවේ උදෑසන යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ ඕමන්ත මහරම්බකුලම ප්‍රදේශයේදී පාපැදි පුහුණුවීම් සිදුකිරීමේදී අනතුරට ලක්ව ඇති බවයි.

යුද හමුදා සෙබළා පුහුණුවීම් සිදුකරන අවස්ථාවේ හදිසියේ මාර්ගයට ගවයකු පැමිණ ඇති අතර, එහිදී පාපැදිකරු වැටී ඇති අතර අදාළ අවස්ථාවේ පසුපසින් පැමිණි බස් රථයක් පාපැදිකරුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වසන්ත නමැති යුද හමුදා සෙබළෙකි. මියගිය සෙබළාගේ සිරුර වවුනියාව රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon