ඉහළ යන ඉන්ධන මිලෙන් විදුලියටත් බලපෑම්

  👤  2989 readers have read this article !
By mawbima 2018-10-17

හර්ෂනී අර්සකුලරත්න

ඉන්ධන මිල ඉහළ යෑමේ ප්‍රවණතාවත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලයටද එහි අහිතකර බලපෑම් එල්ල වෙමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.

ලං.වි.ම. පොදු සේවක සංගමයේ සභාපති මාලා වික්‍රමසිංහ පවසන්නේ ලං.වි.ම.ටද ඉන්ධන මිලට ගැනීමට සිදුව ඇත්තේ වෙළෙඳපොළ මිලටම වීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බවය.

මේ හේතුවෙන් අධික වැය බරක් දරමින් ලං.වි.ම. පැවති මිලටම විදුලිය සැපයීම තවමත් සිදුවුවද මේ වනවිට මේ පිළිබඳ සාකච්ඡා ලං.වි.ම. හා විදුලිබල අමාත්‍යාංශය තුළ ඇතිවී ඇති බවත් ඔහු පැවැසීය.

එහිදී බදු අඩුකොට විදුලි බිල තීරණය කරනවාද, ගාස්තු සංශෝධනය කොට විදුලි බිල තීරණය කරනවාද ආදී සාකච්ඡා ලං.වි.ම. තුළ මතුවී ඇති බවත් හෙතෙම පැවැසීය. මේ සම්බන්ධව විදුලිබල අමාත්‍යාංශයෙන් සිදු කළ විමසුමකදී පැවසුවේ තෙල් මිල ඉහළ ගිය මාස කිහිපය අතර පැවැති වැසි සහිත කාලගුණය නිසා 45%ක පමණ විදුලි උත්පාදනයක් ජලාශ ආශි්‍රතව සිදු කළ බවද ඒ හේතුවෙන් තාප බලාගාරවලින් විදුලි නිෂ්පාදනයේ විශාල අවශ්‍යතාවක් මතු නොවූ බවයි.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළයෑම තුළ වැඩි පිරිවැයක් දරමින් විදුලිය සැපයීමට ලං.වි.ම.ට සිදුවන බවත් විදුලි බිල හිතුමතේ ක්ෂණිකව ඉහළ දැමීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් අමාත්‍යාංශය සඳහන් කළේය. විදුලි බිල ඉහළ නැංවීමෙන් සිදුවන සමාජ, අර්ථික බලපෑම ඉහළ මට්ටමක පවතින බවත් එදිනෙදා ජන ජීවිතයට සහ කර්මාන්ත සියල්ලකටම පවතින මෙහි සෘජු බලපෑම හේතුවෙන් එවැනි තීන්දුවක් ගැනීමට අමාත්‍යාංශය තවමත් අතනොතබා ඇතැයිද අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon