මගේ දෑත්වල කුණු තැවැරිලා නැහැ ඒත් දැන්ම මට කට අරින්නත් බෑ -සනත්

  👤  3000 readers have read this article !
By mawbima 2018-10-17

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී) දූෂණ මර්දන ඒකකයේ නීති සංග්‍රහයේ කරුණු දෙකක් උල්ලංඝනය කිරීම හේතුවෙන් චෝදනා ලැබූ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන සනත් ජයසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ තමන් ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කිරීමේදී සෑම අවස්ථාවකදීම අවංකව, විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ බවයි.

තවද තරග පාවාදීම, තණ තීරුව පාවාදීම හෝ එවන් ආකාරයේ වෙනත් කිසිදු දූෂණ ක්‍රියාවක් මෙකී චෝදනාවලට හේතු පාදක වී නොමැති බවත් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ පරීක්ෂණයන්ට සහයෝගය නොදැක්වීම සහ නිවැරදි තොරතුරු ලබා නොදුන්නා යැයි යන හේතු කාරණා මෙසේ චෝදනාවට ලක්වීමට තුඩු දී ඇති බවත් ඔහු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් අයි.සී.සී.ය වෙත කරුණු දැක්වීම වෙනුවෙන් සනත් ජයසූරියට ඔක්තෝබර් 15 වැනිදා (පෙරේදා) සිට දින 14ක කාලයක් ලබා දී ඇති නිසා වැඩිදුරටත් මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ නොහැකි බවත් එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීතිවලට පටහැනි බවත් ජයසූරිය එම නිවේදනයෙන් තවදුරටත් පවසා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon