ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රධාන පුහුණුකරුගේ සේවය අත්හිටුවයි

  👤  2959 readers have read this article !
By mawbima 2018-10-17

ගමිත දෙහිපිටිය

ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබූ පළමු ආසියානු අභියෝගතා ශූරතා කුසලාන වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ අවසන් තරගයේදී සවුදි අරාබි කණ්ඩායම හමුවේ ලද පරාජය සම්බන්ධව විමර්ශනය සිදුකිරීම සඳහා පත්කරන ලද කමිටුවේ වාර්තාව ඊයේ (16දා) නිකුත් වූ අතර එහි නිර්දේශයන්ට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සයිබීරියානු ජාතික ඩෙජාන් වුල්ෂෙවිච් මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන ඇත.

ඒ අනුව එම තරගයේදී ක්‍රීඩකයන් ආදේශ කිරීම නිසි ආකාරයෙන් සිදු නොකිරීම නිසා එම තරගය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ බව එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. තවද ඉදිරි කාලයේදී නව විදේශීිය පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීම සහ එම විදේශීය පුහුණුකරුවන්ගේ් සහ දේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමඟ ඇතිකර ගත්තා වූ ගිවිසුම සම්බන්ධයෙන්ද එම වාර්තාව මඟින් විශේෂ අවධානයක් යොමු කරමින් නිර්දේශයන් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම වොලිබෝල් සංචිතවල කළමනාකරුවන්ගේ සහ ක්‍රීඩකයන්ගේ වගකීම් පිළිබඳවද එමඟින් තවදුරටත් කරුණු දක්වා ඇති බව ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය වූ අතර එම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ලේකම් ඒ. එස්. නාලක සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන මහත්වරුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon