CIDය ශ්‍රී ලංකා ක්‍රිකට් වටලයි

  👤  3052 readers have read this article !
By mawbima 2018-10-17

තරග විකාශන අයිතීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් හොංකොංහි ගිණුමකට වංචා සහගත ලෙස බැර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) එම පරීක්ෂණවල තවත් පියවරක් ඉදිරියට තබමින් ඊයේ (16දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වටලා එහි මූල්‍ය අංශයේ සහ තොරතුරු තාක්ෂණ අංශයේ ලිපිගොනු පරීක්ෂාවට ලක් කර ඇතැයි වාර්තා වේ.

තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එසේ පරීක්ෂාවට ලක් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ සහ තොරතුරු තාක්ෂණ අංශයේ ලිපිගොනු අතරෙන් අත්‍යවශ්‍ය ලිපිගොනු කිහිපයක් ඔවුන්ගේ භාරයට ගෙන ඇති බවද දැනගන්නට ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon