රටින් ගෙන්වන ළමා උපකරණවල විස රසායන - පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ

  👤  2965 readers have read this article !
By mawbima 2018-10-17

සපුමල් ජයසේන

මෙරට වෙළෙඳපොළේ බහුලව තිබෙන ආනයනික පාසල් බෑග්, පෑන්, පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩු ඇතුළු කුඩා දරුවන් සඳහා ඇති භාණ්ඩ බොහොමයකම...සෞඛ්‍යයට ඉතාමත් අහිතකර විස රසායනික ද්‍රව්‍ය අඩංගු බව අනාවරණය වී ඇතැයි 'පරිසර යුක්ති කේන්ද්‍රයේ' විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

ඉන්දියාව, චීනය වැනි රටවලින් ලංකාවට ගෙන්වනු ලබන වර්ණ ගැන් වූ රෙදි, ප්ලාස්ටික් සහ රබර්වලින් නිපදවන ලද සෙල්ලම් බඩු, පාසල් බෑග්, පෑන්, පැන්සල්, කෑම පෙට්ටි හා වතුර බෝතල් ආදියෙහි සෞඛ්‍යයට ඉතාමත් අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු බවට 'සෙන්ටර් ෂෝ පබ්ලික් හෙල්ත් ඇන්ඩ් එන්වයර්මන්ටල් ඩිවෙලොප්මන්ට්' ජාත්‍යන්තර ආයතන මඟින් සිදුකරන ලද පර්යේෂණයකින් සොයාගෙන තිබේ.

අන්තර්ජාතික සම්මත ප්‍රමාණයන් ඉක්මවා ඊයම් ඇතුළු විස රසායනික ද්‍රව්‍ය අඩංගු කොට නිපදවා ඇති තීන්ත ආලේපිත භාණ්ඩ පරිහරණය නිසා ළමයින් සමේ පිළිකා, ස්නායු ආබාධ සහ අක්ෂි දුර්වලතාවන්ට ගොදුරු වෙන බවත් ළදරුවන් මානසික විකෘතිතාවෙන් පෙළෙන සහ මන්දබුද්ධක දරුවන් බවට පත්වෙන බවත් හේමන්ත විතානගේ මහතා කියා සිටී.

හෙතෙම මෙම තොරතුරු අනාවරණය කළේ 'පරිසර යුක්ති කේන්ද්‍රය' මඟින් ඊයේ (16දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ කළමනාකරණ අධ්‍යක්ෂ දිලෙන පාත්‍රගොඩ සහ පරිසර නිලධාරි චලනි රූබසිංහ යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon