ජනපතිවරණයට තරග කරන රාජපක්ෂවරයා තීන්දු කර අවසන්

  👤  2994 readers have read this article !
By mawbima 2018-10-17

මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉඒදිරිපත් වන්නේ රාජපක්ෂ කෙනකු නම් ඔහු කවුරුන්දැයි තීන්දු කර අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවැසීය.

'හිරු ටීවී' හි 'සලකුණ' දේශපාලන සංවාදයට එක්වෙමින් පෙරේදා (15දා) රාත්‍රියේ බැසිල් රාජපක්ෂ මේ බව කියා සිටියේය.

එම මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගන්නා කෙනකුට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට සහාය දක්වන සියලු දේශපාලන බලවේග කැමැත්ත පළ කර ඇති බවද බැසිල් රාජපක්ෂ කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

"ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රාජපක්‍ෂ කෙනකු නම් එසේ විය යුතු කෙනා කවුරුන්දැයි තීන්දු කරලා තියෙනවා. මහින්ද ජනාධිපතිතුමාට වෙන කෙනකු වුණත් තෝරන්න පුළුවන්. සමහරුන් හිතාගෙන ඉන්නේ රාජපක්ෂවරුන් අතර භේදයක් ඇති වෙයි කියලා, එහෙම නම් වෙන්නේ නෑ."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon