DIG නාලක ඊයේ CID ට ඇවිත් නෑ

  👤  2979 readers have read this article !
By mawbima 2018-10-17

චාමර අමරසූරිය

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ඊයේ (16දා) රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබුණද ඔහු එහි නොපැමිණි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

පෞද්ගලික කරුණු කීපයක් හේතු කරගෙන තමාට රහස් පොලිසිය හමුවේ ඊයේ (16දා) දිනයේ පෙනී සිටීමට නොහැකි බව සඳහන් කළ ලිපියක්ද ඔහු රහස් පොලිස් නිලධාරීන්ට එවා ඇත.

නැවත රහස් පොලිසිය හමුවේ පෙනී සිටීම සඳහා හෙට (18දා) දින හෝ හෙට දිනෙන් පසු වෙනත් දිනයක් ලබා දෙන ලෙසටද ඔහු ඊයේ (16දා) එවූ ලිපියෙහි සඳහන් කර ඇති බවද මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා දැනට පදිංචි ඔහුගේ නිල නිවෙස අයත් කුරුඳුවත්ත පොලිස් ස්ථානය හරහා රහස් පොලිසියට ඉකුත් 14 වැනි දින මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ඔහුට එල්ල වන ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය මෙම කැඳවීම සිදු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon