අමරා රණතුංග සමුගනී

  👤  2995 readers have read this article !
By mawbima 2018-10-17

සමන් ප්‍රියංකර  නම්මුනිගේ

මෙරට කීර්තිමත් ගායිකාවක ලෙස ප්‍රකටව සිටි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 79 වැනි වියේ පසු වූ ඇය මීට දින කීපයකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබුණේ හෘදයාබාධයක් වැලඳීම හේතු කොටගෙනය.

මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය වූ ඇය ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරියයි. පසුගිය 15 වැනිදා මිය යන විට ඇය පසුකොට සිටියේ තම විවාහයේ 52 වැනි වසරයි.

දරුවන් තිදෙනකුගේ මව වන ඇය ජනප්‍රිය ගීත ගොන්නක හිමිකාරිය වූවාය. 'මහ රෑ යෑමේ, ඊයේ රෑ ඔබ, එක කිරුළක් පලඳින්නට බෑ, පාළු පැලේ මට තනි නැත, සැලළිහිණියෝ නුඹ දන්නේ නෑ, සපුමල් සුවඳක් සේ' ආදී තවත් ජනප්‍රිය ගීත රැසක් ගායනා කොට ඇති මහාචාර්ය අමරා රණතුංග සංගීතය තුළින් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට කළ සේවය අතිමහත්ය.

ඇයගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (18දා) සවස 4.30ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ.

දේහය මේ වනවිට 27/7, ඩී.එම්. කොළඹගේ මාවත, නාවල, නුගේගොඩ නිවෙසේ තැන්පත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon