ඒකාබද්ධ විපක්ෂයේ හුළං බැහැලා ආණ්ඩු පෙරළන කතා පුස්සක්

  👤  3105 readers have read this article !
By mawbima 2018-10-18

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

සභාග ආණ්ඩු, විකල්ප ආණ්ඩු කතා සාර්ථක නොවන නිසා ඒකාබද්ධ විපක්ෂයේ මේ වන විට හුළං බැස ඇතැයි පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

2020 දක්වා මේ ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වන බවත්, ආණ්ඩුව පෙරළන බවට අවුරුදු 3 1/2ක් තිස්සේම ඒකාබද්ධ විපක්ෂය කිව්ව කතා පුස්සක් බවට පත් වී තිබෙන බවත් ඉතිරි අවුරුදු 1 1/2 තුළද ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු සිහිනයක් සැබෑ නොවන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ බහුතරය වත්මන් ආණ්ඩුවට ඉතා පැහැදිලි ලෙස තිබෙන බව පාර්ලිමේන්තුවේ සභානායක ලෙස තමා හොඳින් දන්නා බවත් මෙවර අය වැයද සම්මත කරගැනීම සඳහා ආණ්ඩුවට කිසිදු ගැටලුවක් නොමැති බවත් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon