ජනතාව ඔෟෂධ මාෆියාවෙන් බේරා ගැනීම එකම අරමුණයි

  👤  2941 readers have read this article !
By mawbima 2018-10-18

ජේ.ටී. ද සිල්වා

මේ රටේ ජනතාව ඔෟෂධ මාෆියාවෙන් බේරා ගැනීම තමාගේ එකම අරමුණ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න අවධාරණය කරයි.
'ඔෟෂධ සමාගම්වල වුවමනාවට ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ඒවා පුවත්පත්වල පළකර ජනතාව නොමඟ යවනවා. ගුණාත්මක භාවයෙන් යුතු හොඳ ඔෟෂධ ලංකාවෙන් ඉවත්වන බවට චෝදනා කරනවා. මාධ්‍ය නිදහස ලබාදුන්නත් එය අයුතු ලෙස භාවිත කරන්න එපා. සමාගම්වල වුවමනාවට කටයුතු කරන්න එපා'.

'දුම්කොළ සඳහා බදු පැනවීමේදී සහ අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමේදී කටයුතු කළේ එම සමාගම්වල වුවමනා මතයි. ඔෟෂධ මිල අඩුකිරීමේදීත් ඔෟෂධ සමාගම්වල වුවමනාව මත කටයුතු කළා. වර්තමානයේත් ඒ දේම සිදු කරනවා' යැයි ප්‍රවෘත්ති පළ කරනවා.

'මාධ්‍යවේදීන් වුවත් රෝගාබාධවලට ලක්වන්න පුළුවන්. එහිදී ඔෟෂධ මිල අඩු කර තිබීම තුළින් සහනයක් ලබාගන්න පුළුවන්. ඔෟෂධ මාෆියාවට සහයෝගය දක්වන්න මාධ්‍යට හැකියාවක් නැහැ. ජනතාව වෙනුවෙන් මාධ්‍ය හඬ නැඟිය යුතුයි. සමහර සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවනවා.'

'ඔෟෂධ මිල නියාමනය කිරීමේදී ඔෟෂධ සමාගම්වලට කාලයක් ලබාදුන්නේ නැහැ කියලා චෝදනාවක් තිබෙනවා. කාලය ලබාදුන්නා නම් බලපෑම් එල්ල වෙනවා. අමාත්‍යවරුන් විවිධ චෝදනා එල්ල කරනවා. එම නිසයි කාලයක් ලබානොදී කඩිනමින් එය ක්‍රියාත්මක කළේ. නැතිනම්, මහාචාර්ය සේනක බිබිලේ මහතාට ඔෟෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ ඛේදවාචකයම අපටත් සිදු වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon