ලොව දෙවන විශාලතම ගුවන්යානය මත්තලට එයි

  👤  3133 readers have read this article !
By mawbima 2018-10-18

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොව් ඒව් 124 ගුවන්යානය ඊයේ (17දා) දහවල් 12.20ට මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වන ලදී. සෞදි අරාබියේ ර්ථීපඪදජඥ ඉභතබචද ගුවන්තොටුපොළේ සිට ඉන්දුනීසියාව දක්වා පියාසර කරන අතරතුර 19 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය විවේකය සඳහා හා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් මෙම ගුවන්යානය මත්තලට ගොඩබස්වා තිබේ.

අද (18දා) අලුයම 3.30ට ඉන්දුනීසියාව දක්වා නැවත මෙම ගුවන්යානය ගමන් කිරීමට නියමිතව තිබිණි. මේ අතර පසුගිය 15 වැනිදා කේරළයේ සිට විදේශිකයන් 56 දෙනකු රැගෙන මත්තලට ගොඩබස්වා තිබෙන ඒජ් 0899 දරන ගුවන්යානයද අද (18දා) උදෑසන 9.00ට පමණ මස්කට් දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon