රත්නපුරේ ෆේස්බුක් සාදයට එක්ව සිටි 35කට පොලිස් ඇප

  👤  2962 readers have read this article !
By mawbima 2018-10-18

රත්නපුර - ධර්මප්‍රිය ලියනආරච්චි

රත්නපුර මල්වල දුරෙක්කන්ද ප්‍රදේශයේ වතු බංගලාවක පැවැති මුහුණු පොතේ සාදයකට සහභාගි වෙමින් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් 37දෙනකුගෙන් යුත් කණ්ඩායමෙන් 35ක් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනකු රත්නපුර මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

අයිස් නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 530ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 4ක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වත්තල පදිංචිකරුවකු වූ එම්.ඩී. චතුරංග නමැති අයට රත්නපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සාලිය චන්න අභයරත්න මහතා විසින් රුපියල් 14,000ක දඩයක් නියම කරන ලද අතර මත්පෙති දෙකක් ළඟ තබාගෙන සිටි බවට චෝදනා කොට අධිකරණයට ඉදිරිපත් කළ කළුතර බෝම්බුවල ප්‍රදේශයේ පදිංචි හෂිත ෂෙහාන් අභයගුණරත්න නමැති අයකුට රුපියල් 5,000ක දඩයක් නියම කළේය.

මෙම සාදයට කොළඹ, ජාඇළ, වත්තල, මොරටුව, කළුතර ආදී විවිධ ප්‍රදේශවලින් එක්වුණු තරුණ තරුණියන් 40කට වැඩි පිරිසක් එක්ව සිට ඇති අතර වාහන අනතුරු සිද්ධියක් නිසා ප්‍රදේශවාසීන් සමඟ ඇති කර ගත් ගැටුමකින් පසු කිහිපදෙනකු කල් තබා පිටව ගොස් තිබිණි.
මොවුන් සියලු දෙනාම වයස විසි ගණන්වල පසු වූ තරුණ තරුණියන් බව පොලිසිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon