වීසා නොමැතිව රැඳී සිටි ඇමෙරිකානු තරුණයකුට අත්හිටු වූ සිර දඬුවමක්

  👤  2993 readers have read this article !
By mawbima 2018-10-18

අමිල අබේරත්න

වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාකිස්තානු ජාතික තරුණයකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය වසර 5ක අත්හිටු වූ සිරදඬුවම් නියම කළාය.

වරද පිළිගැනීම සහ පෙර වැරැදි නොමැතිවීම මත චෝදනාවට අදාළව නියම කළ මාස 6ක සිරදඬුවම මහෙස්ත්‍රාත්වරිය විසින් එලෙස වසර 5කට අත්හිටුවනු ලැබිණි.

ඊට අමතරව මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට රුපියල් 50,000ක දඩයක් නියම කළ අතර විදේශ ජාතික තරුණයා ඔහුගේ රටට පිටුවහල් කිරීම හෝ සුදුස්සක් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පාලනය වන මිරිහාන රැඳවුම් ක¼දවුරට යොමු කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.

චූදිත තරුණයා ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා ඇති පාකිස්තානු ජාතික උමෙල් ජමාල් මුගන් නමැත්තකු වන අතර ඔහුට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය ගොනු කර තිබූ චෝදනාව වූයේ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීමයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon