2019 වර්ෂයේ සිට උඳු ආනයනයේදී වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 දක්වා ඉහළ දමනවා

  👤  3003 readers have read this article !
By mawbima 2018-10-18

නුවන් හෙට්ටිආරච්චි

2019 වර්ෂයේ සිට උඳු ආනයන වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300 දක්වා ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙතෙක් උඳු කිලෝග්‍රෑමයට රුපියල් 150ක වෙළෙඳ භාණ්ඩ බද්ද මෙසේ ඉහළ දමන බවත් එසේ බදු මිල ඉහළ දමන්නේ දේශීය ගොවියා දිරිමත් කර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීමේ අරමුණෙන් බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික උඳු අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 20,000ක් වන අතර ඉන් 12,000ක් රට තුළ වගා කිරීමෙන් ලබා ගන්නා බවත් ඉතිරි උඳු මෙටි්‍රක් ටොන් 800ක ප්‍රමාණය වාර්ෂිකව ඉන්දියාවෙන් ආනයනය කරන බවත් ඊට රුපියල් මිලියන 2000ක් වැය වන බවත් පෙන්වා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී එම මුදල්ද දේශීය ගොවියාට ලබා ගැනීමට හැකි බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon