පල්ලෙකැලේටත් වැස්ස තුන්වැනි තරගයටත් බාධා

  👤  2901 readers have read this article !
By mawbima 2018-10-18

සිරිනාම රාජපක්‍ෂ,
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..


ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි එක් දින තරගය (දිවා/ රාත්‍රී) ඊයේ (17දා) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණ නමුත් ඊයේ පස්වරු 1.30ට පමණ ආරම්භ වූ සිහින් පොද සහිත වැස්ස හේතුවෙන් පස්වරු 6.00 පසුවන තෙක්ම තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

ටෙස්ට් තරග තුනක්, එක්දින තරග පහක් සහ විස්සයි-20 තරගයක් සහිත ක්‍රිකට් තරගාවලියක් සඳහා පැමිණ සිටින එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ මෙතෙක් පැවැති එක් දින තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කොට 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින අතර දඹුල්ලේදී පැවැති තරග දෙකෙන් එකක් වර්ෂාවෙන් සේදී ගියේය. එසේම පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිත තරග දෙකෙන් ඊයේ තරගයටද වැස්ස හරස් වූ අතර ක්‍රීඩාංගණ සේවකයෝ වැහි ආවරණ එහෙ මෙහෙ අදිමින් අවිනිශ්චිත ආකාරයෙන් ක්‍රියාත්මක වූයේ වැස්ස පිළිබඳව තක්සේරුවක් ගත නොහැකිවය.

කෙසේ වෙතත් තිබූ සිහින් පොද පස්වරු 3.34ට වන විට මහ වැස්සක් දක්වා වර්ධනය වීම හේතුවෙන් තරගය ආරම්භ කරන වේලාවක් සම්බන්ධයෙන් විනිසුරුවන්ට පවා තීරණයක් ගැනීමට නොහැකි තත්වයක් උදා විය.

ඡායාරූපය - වෙනුර චන්ද්‍රමලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon