‘ඔරුමිත්තනාඩු’ වෙන් ව්‍යවස්ථාව අර්බුදයකට යයි

  👤  2955 readers have read this article !
By mawbima 2018-10-18

"ඔරුමිත්තනාඩු" දෙමළ වචනය අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මේ වන විට පැන නැඟී ඇති බරපතළ තත්ත්වය සහ ඊට ලබාදෙන විසඳුම සම්බන්ධයෙන් මේ මස 25 වැනිදා තමා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

"ඔරුමිත්තනාඩු" යන දෙමළ වචනයේ සිංහල නියම අර්ථය වන්නේ "එක්සත්" යන වචනය වුවද මෙම අතුරු වාර්තාවේ සිංහල පරිවර්තනය සඳහා "ඒකීය" යන වචනය යොදා තිබෙන්නේ සිංහල ජනතාව රැවටීමට බවද ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

එක් පැත්තකින් සිංහල ජනතාවද අනෙක් පැත්තෙන් දෙමළ ජනතාවද රවටා මෙම අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කාගේ වුවමනාවටද කියා තමන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රටේ ඒකීයභාවය පිළිගන්නවා නම් මෙම අතුරු වාර්තාවේ සිංහල, දෙමළ, ඉංගී්‍රසි භාෂා තුනෙන්ම "ඒකීය" යනුවෙන් ස¼දහන් විය යුතුව තිබුණද "ඒකීය" වචනයට හාත්පසින්ම වෙනස් අර්ථයක් ඇති "ඔරුමිත්තනාඩු" දෙමළ වචනය දෙමළ පරිවර්තනයට යෙදීම තුළින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරනු ලබන්නේ රටේ ඒකීයභාවය නැතිවද කියා සාධාරණ සැකයක් මතුවී තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

රටේ ඒකීයභාවය නැති කරමින් නිර්මාණය කරනු ලබන ඕනෑම ව්‍යවස්ථාවකට ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විරෝධය පළ කරන බවත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී තමා ඇතුළුව සුසිල් ප්‍රේමජයන්ත, ඩග්ලස් දේවානන්දා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විරෝධය පළ කර සිටි බවත් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon