මැනුම් සහායක 256න් 114ක් කාන්තාවන් වීම ඇමැතිට ප්‍රශ්නයක් වෙලා - නලින්ද ජයතිස්ස

  👤  3010 readers have read this article !
By mawbima 2018-10-18

මිනින්දෝරු ක්‍ෂේත්‍රයේ අනුමත වී ඇති මැනුම් සහායක පත්වීම් 256න් 114ක් කාන්තාවන් වීම ඉඩම් ඇමැතිට ප්‍රශ්නයක්ව ඇති බවත් ඒ හේතුවෙන් එකී පත්වීම ලබාදීම ප්‍රමාද කර ඇති බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කරයි.

මන්ත්‍රිවරයා පැවැසුවේ එම මැනුම් ක්‍ෂේත්‍ර සහායක තනතුරට කාන්තාවන් බඳවා ගැනීම අමාත්‍යාංශයෙන් ප්‍රතික්‍ෂේප කර ඇති අතර එය කාන්තා අයිතිවාසිකම් කප්පාදු කිරීමක් සේම බඳවාගැනීමට අදාළ ව්‍යවස්ථාවේදී එසේ කාන්තාවන් බඳවා ගැනීම නොකළ යුතු යැයි කිසිදු සඳහනක් නොමැති බවය.

2016 මැයි මස නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අදාළ තනතුරට දිවයින පුරා අයැදුම්කරුවන් 8,000ක් අයැදුම් කර ඇති අතර ඉන් 2,000ක් සම්මුඛ පරීක්‍ෂණයට භාජනය කර තිබිණි.

ඉන් 850ක කණ්ඩායමකට පුහුණුව ලබාදී ඇති අතර දැනට ඉන් 360ක පමණ පිරිසක් රාජකාරිවල නිරතව සිටින බව ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉහත කී 256ක තෝරාගත් කණ්ඩායමටද අවශ්‍ය පුහුණුවීම් මේ වන විට ලබාදී ඇති අතර ඔවුන්ට අනුමත වූ පත්වීම් ලිපි දිගු කාලයක් තිස්සේ මිනුම්පතිවරයාගේ මේසය මත පවතින නමුත් එම පත්වීම් ලබාදීම ප්‍රමාද කරමින් සිටින බවට මන්ත්‍රිවරයා චෝදනා කළේය.

ඔහු පැවැසුවේ මීට පෙර බඳවා ගත් 360 කණ්ඩායමෙන් 4300ක්ම ඉඩම් ඇමැතිවරයාගේ හා ඉඩම් නියෝජ්‍ය ඇමැතිවරයාගේ දේශපාලන පත්වීම් බවටද වාර්තා වී ඇති බවය.

කෙසේ නමුත් කාන්තාවන්ට මැනුම් ක්‍ෂේත්‍ර සහායක තනතුර ප්‍රතික්‍ෂේප කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් ඊළඟට පත්වීමට සිටින මිනුම්පති කාන්තාවක් වීම සුවිශේෂී බැවින් එසේ කාන්තාවන් ප්‍රතික්‍ෂේප කිරීම වහාම නවතා දමා එම 256 දෙනාගේ පත්වීම ලබා දිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් 'මව්බිම'ට කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon