ඇමැති නියමයෙන් DIG නාලකගේ වැඩ තහනම්

  👤  2938 readers have read this article !
By mawbima 2018-10-18

චාමර අමරසූරිය

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණ කළා යැයි චෝදනා එල්ල වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ නිර්දේශය අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අස්සනින් යුතුව ඊයේ (17දා) පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇත.

මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතින විමර්ශනවල තොරතුරු මත පදනම් වෙමින් මෙම වැඩ තහනම් කිරීමේ තීරණය ගැනීමට අමාත්‍යාංශය විසින් පියවර ගන්නා ලදී.

මෙම ඝාතන චෝදනාව එල්ල වූ මොහොතේම ක්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අදාළ චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කරන ලදී. වැඩ තහනම් කිරීමේ නිර්දේශය ජාතික පොලිස් කොමිසමට යැවීමත් සමඟ මෙම චෝදනාව සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ කටයුතු වඩාත් ස්වාධීන හා විනිවිද භාවයෙන් සිදු කිරීමට හැකිවනු ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කළ යුතු බවට නීතිය හා සාමය අමාත්‍යාංශය ඉදිරිපත් කළ නිර්දේශයට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon