බැඳුම්කර චෝදනා එල්ල වී ඇති සුජීව විදුලි දුම්රියෙන් අල්ලස් ඉල්ලීම පුදුමයක් නොවේ

  👤  3221 readers have read this article !
By mawbima 2018-10-18

අනුරාධා හේරත්

බැඳුම්කර චෝදනා එල්ල වී තිබෙන මන්ත්‍රි සුජීව සේනසිංහ විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් අල්ලස් ඉල්ලීම පුදුමයට කරුණක් නොවන බවත් ඔහු එසේ අල්ලස් ඉල්ලා නොසිටියේ නම් පමණක් එහි ප්‍රවෘත්තියක් පවතින බවත් කෝප් කමිටු සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති කියයි.

කෝප් කමිටු සභාපතිවරයා පැවැසුවේ මෙම අල්ලස් ඉල්ලීම හුදෙක් මන්ත්‍රි සුජීව සේනසිංහට පමණක් එල්ල කළ නොහැකි චෝදනාවක් මෙන්ම ඉන් පෙන්නුම් කරන්නේ සමස්ත එජාපයම අද වැටී තිබෙන තත්ත්වය කෙසේද යන්න බවය. එමෙන්ම අදාළ විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් එම මන්ත්‍රිවරයා අල්ලස් ඉල්ලීම හරියට වෙහෙර ගිල්ල පුද්ගලයාට අග්ගලාව කජ්ජක්දැයි යන උපමාව ආකාරයේ එකක් බවද හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.

ඔහු තවදුරටත් පැවැසුවේ මහ බැංකු බැඳුම්කර වංචාව වසා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ, සුජීව සේනසිංහ මන්ත්‍රිවරයාද පාවිච්චි කළ හැටි කවුරුත් නොදන්නා රහසක් බවත් එවැනි පාවිච්චියට ලක්වූ පුද්ගලයෙක් මෙසේ විදේශ ආයෝජකයකුගෙන් පගාව ඉල්ලීම පුදුම සහගත නොවන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon