ජොනී නි‍ෙදාස්කොට නිදහස්

  👤  3075 readers have read this article !
By mawbima 2018-10-18

ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට පවරා තිබූ නඩුව ඊයේ (17දා) කුරුණෑගල මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු එම නඩුවේ විත්තිකරුවන් තිදෙනා විත්තියේ සාක්කි නොකැඳවාම සියලු චෝදනාවලින් නි‍ෙදාස්කොට නිදහස් කරනු ලැබීය.

පැමිණිල්ල විසින් කැඳවනු ලැබූ සාක්කි සියල්ල පසුගිය 09 වැනිදා විභාග කර අවසන් කරන ලදී. අනතුරුව මහාධිකරණයට කරුණු ඉදිරිපත් කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වගන්තිය යටතේ විත්තිය නොකැ¼දවා චූදිතයන් තිදෙනා නි‍ෙදාස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එහිදී සිටියේය. මහාධිකරණ විනිසුරුතුමිය විසින් එම ඉල්ලීම පිළිබඳ තීන්දුව ඊයේ (17දා) දිනට කල් තබනු ලැබිණි.

වර්ෂ 2013ක් වූ ජූලි මස 01 වැනි දින සිට සැප්තැම්බර් 30 වැනි දින අතර කාලය තුළ යන්තම්පලාව ලක් සතොස ශාඛාවෙන් රුපියල් 38,28,596.50ක් වටිනා භාණ්ඩ ලබාගෙන සාවද්‍යව පරිහරණය කළ බවට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම නඩුව පවරනු ලැබ තිබිණි. සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ පනත විෂයෙහි ලා සිදුකරනු ලබන වැරැදි යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ ශාකීර් මොහොමඩ් සහ අදාළ කාලසීමාවේ ලක් සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ නලින් ප්‍රනාන්දු යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා තුනක් ගොනු කර තිබිණි.

පසුගිය සැප්තැම්බර් මස 03 වැනි දින කුරුණෑගල මහාධිකරණයේදී නඩු විභාගය ආරම් වූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුතුමිය විසින් විත්තිකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර එම මස 11 වැනි දින සිට පසුගිය 09 වැනි දින දක්වා නඩුව අඛණ්ඩව විභාගයට ගැනිණි. පැමිණිල්ලේ සාක්කිකරුවන් ලෙස ලක් සතොස ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, ගණකාධිකාරිවරුන්, කලාප කළමනාකාරවරුන්, ශාඛා කළමනාකාරවරුන්, වෙළෙඳ සහායිකාවන්, ලේකම්වරුන්, ලිපිකරුවන් ඇතුළු විසි දෙනකුට අධික පිරිසක් කැඳවන ලදී.

රජය වෙනුවෙන් පැමිණිල්ලේ සාක්කි මෙහෙයවන ලද්දේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය සහ රජයේ අධිනීතිඥ විරාජ් වීරසූරිය මහත්වරුන් විසිනි. සාක්කි විභාගය පුරාවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ ලේඛනවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් විත්තිය පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද ඇතැම් සාක්කිකරුවන් පවා මෙම නඩුවට ඉලක්ක ගත වූ පැ. 1 නමැති යන්තම්පලාව ශාඛාවේ මෙම නඩුවට අදාළ ණය ගිණුමේ ගිණුම් ප්‍රකාශනය අසත්‍ය ලේඛනයක් බව කියා සිටියහ.

යන්තම්පලාව ලක් සතොස ශාඛාවේ වෙළෙඳ සහායිකා අෑන් රොෂානි කොක් මහත්මිය විසින් මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් විසින් තමන් හට බලපෑම් කර ඔවුන්ට අවශ්‍ය විස්තර "ණය මැම පිටපත්" මත ලියවාගත් බවද අධිකරණය හමුවේ කියා සිටියාය.

පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී පළමුවැනි විත්තිකරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ලේ සාක්කිවල ඇති පරස්පර බව සහ අධිචෝදනාවලින් දක්වා ඇති චෝදනාවන් එම සාක්කිවලින් ඔප්පු කිරීමට නොහැකි වීම තුළ විත්තිකරුවන් නිදහස් කරන ලෙසයි.

තීන්දුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ නීතිඥ ප්‍රේමනාත් ‍ෙදාළවත්ත මහතා කියා සිටියේ මෙම නඩුවට අදාළ චෝදනා කොතරම් පදනම් විරහිතද යන්න විත්තියේ සාක්කි නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කිරීම තුළින් පෙනී යන බවයි.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, අනිල් ද සිල්වා, ශවීන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් සමඟ නීතිඥවරුන් වන චමින්ද අතුකෝරල, ඉන්දික ගිරාගම, ලක්මාල් රත්නායක, ඩේල් ගුණරත්න, නෙරන්ජන් ඊරියගොල්ල, චලක විදානගේ, ප්‍රේමනාත් ‍ෙදාලවත්ත, ජෙනට් ජයවර්ධන හා කීර්ති කපුවත්ත ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නඩුවෙන් නිදහස්වීමෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටතට පැමිණ තම ආධාරකරුවන් හමුවී කතාබහ කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආපසු යෑම සඳහා ගොඩවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා විසින් පදවාගෙන ආ මෝටර් රථයටය.

අධිකරණ සංකීර්ණය අසලින් පිටත් වූ එම මෝටර් රථය ගමන් කළේ වයඹ පළාත් සභාව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් තිබෙන මාර්ගය ඔස්සේය. ඒ පිටුපසින් තවත් වාහන රැසක්ද ගමන් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ගිය වාහනයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකු මුණගැසිණි. වාහනය පදවාගෙන ගිය නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයාට වහාම රථය නතර කරන්නැයි කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා එම මාධ්‍යවේදීන් දෙදෙනාම ළඟට ගෙන්වා තම නඩුව පුවත්වලට නිවරැදිව වාර්තා කිරීම ගැන ඔවුන්ට ස්තුති කළේය. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තම යුතුකම හොඳින් ඉටු කළ බව එහිදී ඔවුන්ට සඳහන් කළ මන්ත්‍රිවරයා ඉදිරියේදී ඔවුන්ව සුහදව හමුවීමට අපේක්‍ෂා කරන බවද සඳහන් කර සිටියේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇමැතූ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ නාමල් රාජපක්‍ෂ මහතා,

'අපි මෙම නඩු විභාගයේ මුල ඉඳන්ම අධිකරණය විශ්වාස කළා. අද මෙම තීන්දුව නිසා අධිකරණය ස්වාධීන බවට අපේ විශ්වාසය තහවුරු කිරීමක් සිදුවුණා. අපි රජයට කියනවා ජ්ඛ්ධ්ච් එකේ නීත්‍යනුකූල නොවන ආයතන හරහා මේ කරන දඩයම නවත්වන්න කියලා. ආණ්ඩුව කරන මේ බොරුව දැන් නතර කළ යුතුයි.

මෙම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ, කනක හෙරත්, ඇතුළු මන්ත්‍රිවරුද ප්‍රාදේශීය දේශපාලනඥයෝ විශාල පිරිසක්ද පැමිණ සිටියහ. විශාල ජනකායක් උසාවිය අසල රැඳී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon