රාජ් සෝමදේවගේ කැණීම් වාර්තා පිරික්සීමට ප්‍රවීණයන් දෙපළගේ සහාය ගන්නවා- මහාචාර්ය පී.බී. මණ්ඩාවල

  👤  1396 readers have read this article !
By mawbima 2018-10-18

හර්ෂනී අර්සකුලරත්න

මහාචාර්ය රාජ් සෝමදේවගේ කැණීම් වාර්තා පරීක්ෂා කළ යුත්තේ ඔහුට වඩා ප්‍රවීණත්වයක් දරන පුද්ගලයන් හෙයින් ක්‍ෂේත්‍රයේ දැනට සිටින ප්‍රවීණතම පුද්ගලයා වන ආචාර්ය ශිරාන් දැරණියගල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තවත් ප්‍රවීණයකු වන ආචාර්ය නිමල් පෙරේරා එම කටයුත්ත සඳහා සම්බන්ධ කරගැනීමට තීරණය කළ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල පවසයි.

මෙරට දැනට සිටින ක්‍ෂේත්‍රයේ ප්‍රවීණතම පුද්ගලයා වන ආචාර්ය ශිරාන් දැරණියගල මෙරටට විද්‍යාත්මක කැණීම් හඳුන්වා දුන් තැනැත්තා බවත් ලොව පිළිගත් පුරාවිද්‍යාත්මක වාර්තා ඉදිරිපත් කළ ඔහු හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වන බැවින් එවැනි කටයුත්තකට ඔහුගේ විශේෂඥ සහායද අත්‍යවශ්‍ය බව හෙතෙම 'මව්බිම'ට පැවැසීය.

ඉන් අනතුරුව කැණීම් අංශය භාරව කටයතු කළ ආචාර්ය නිමල් පෙරේරා ප්‍රාග් ඓතිහාසික යුගයට අදාළ කැණීම් සිදු කරමින් ක්‍ෂේත්‍රයට ඉමහත් සේවාවක් කළ බවත් ඔහු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ශාස්ත්‍රිය) ලෙසද කටයුතු කළ බවත් ප්‍රකාශ කළේය.

එවැනි ප්‍රවීණයන්ගේ සහාය ඇතිව එම වාර්තා පරීක්ෂා කිරීමට නියමිත බවත් ඒ සඳහා සහාය ලබා දීමට එම ආචාර්යවරුන් දෙදෙනා එකඟ වී ඇති බවත් සඳහන් කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරු 9න් 8ක් සහ සහකාර අධ්‍යක්ෂ තනතුරු 33න් 29ක්ම පුරප්පාඩු වී ඇති අවස්ථාවක එම ප්‍රවීණයන් දෙදෙනාගේ සහාය ඇතිව එම වාර්තා පරීක්ෂා කිරීමට තමා අවධානය යොමු කළ බවද ඔහු පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon