ස්ථාන මාරුව නොදීම සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවක් විරෝධතාවක

  👤  1388 readers have read this article !
By mawbima 2018-10-18

කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද

තමන්ට හිමි ස්ථාන මාරුව නොදීම ගැන පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඊයේ (17දා) උදේ සිට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල භූමියේ ඇති ජල ටැංකිය උඩට නැඟ විරෝධය පෑමක නිරත වූවාය.

මෙම සේවිකාව හලාවත, ඉබ්බාගමුව, කුරුණෑගල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශවල වසර 21ක් ක්ෂේත්‍ර රාජකාරිවල නිරතව සිටිය බවත් ඇයට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ස්ථාන මාරුවීමට ලබාදුන් නිර්දේශය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලබා නොදී ප්‍රමාද කරන බව විරෝධය පාන සේවිකාව පවසන්නීය. තමන්ට හිමි ස්ථාන මාරුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ලබා නොදුන්නොත් පුරුෂයාත්, දරුවන් දෙදෙනාත් ජල ටැංකිය උඩට නංවාගෙන අඛණ්ඩ උපවාසයක් කරන බව පුෂ්පා දයානී නමැති පවුල් සෞඛ්‍ය සේවිකාව සෞඛ්‍ය බලධාරීන්ට අනතුරු අඟවා තිබේ.

මේ සම්බන්ධව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එන්. ෆරීඩ් මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීය. මෙම සේවිකාවට කුරුණෑගල ශික්ෂණ රෝහලට ස්ථාන මාරුව ලබාදීමට පියවර ගෙන තිබෙනවා. එයට අවශ්‍ය කටයුතු කරදෙන තෙක් නොසිට මාගෙන් මේ ගැන නොවිමසා ඇය විරෝධය පෑමක් සිදුකරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon