විග්නේශ්වරන්ගේ ඉදිරි දේශපාලනය ගැන 24 වැනිදා දැනුම් දෙයි

  👤  1442 readers have read this article !
By mawbima 2018-10-18

ලක්ෂ්මි ජයකොඩි

උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එළැඹෙන 24 වැනිදා දැනුම්දෙනු ඇති බව උතුරු පළාත් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ එදින පැවැත්වීමට නියමිත විශේෂ දෙමළ ජනතා සංසද සමුළුවේදීය. දෙමළ ජනතාවගේ මීළඟ දේශපාලන ගමන කෙසේ විය යුතුද මැයෙන් වූ දෙමළ ජනතා සංසදයේ තීරණාත්මක සමුළුවක් උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව යාපනයේදී නල්ලූර් නඩරාජා මණ්ඩපයේදී 24දා පැවැත්වීමට නියමිතය.

දෙමළ ජනතාවගේ වත්මන් මහජන නියෝජිතයන් ජනතාවත් සමඟ ජනතාවගේ ගැටලු විස¼දා ගැනීම සඳහා වූ ගමනක් ආරම්භ කළ යුතුය. එසේම දෙමළ ජනතා සංසදයේ ඉදිරි කටයුතු හා විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලනය පිළිබඳ මෙහිදී තීරණ කිහිපයක් ගනු ඇති බව එම සංසදය සඳහන් කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon