දරුණු දුම්රිය අනතුරක් අවසන් මොහොතේ වළක්වාගනී

  👤  1444 readers have read this article !
By mawbima 2018-10-18

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ කොණ්ඩාවිල දුම්රිය ස්ථානයේදී ඉකුත්දා (15දා) සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් අවසන් මොහොතේදී බේරා ගැනීමට නිලධාරීන් සමත්වී ඇත.

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රිය යාපනයේ කොණ්ඩාවිල් දුම්රිය ස්ථානය වෙත ළඟා වෙමින් තිබියදී කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ අනෙක් සීග්‍රගාමී දුම්රියද ඒ දුම්රිය පීල්ලේම ධාවනය වෙමින් තිබීම නිසා විශාල දුම්රිය අනතුරකට ඉඩ සැලසී තිබේ.

නමුත් අවසාන මොහොතේ එක් නිලධාරියෙක් මේ තත්ත්වය දැක වහාම සංඥා වෙනස් කොට දුම්රිය පීලි මාරු කිරීම නිසා අනතුර වැළකී ගොස් තිබේ.

මේ දුම්රිය දෙකේම ඒ අවස්ථාව වන විට මගීන් දෙදාස් පන්සීයකට වැඩි ප්‍රමාණයක් සිටි බවට තොරතුරු වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon