ජනපති මහජන බැංකු, ලංකා බැංකු, BOI අධ්‍යක්ෂ මණ්ඩල ගෙදර යවයි

  👤  739 readers have read this article !
By mawbima 2018-10-18

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ, මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ දැනුම් දී ඇත. මේ අනුව ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද රත්නායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ පස්වරුව වන විට...ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කළ බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න අප කළ විමසීමකදී තහවුරු කළේය.

ජනාධිපතිවරයා විසින් මේ නියෝගය ලබා දී ඇත්තේ ආයෝජන මණ්ඩලය හා රේඛීය අමාත්‍යවරයා අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක්වී ඇති පසුබිමක් තුළදීය.

මේ අතර, අඟහරුවාදා (16දා) දිනයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආයෝජන මණ්ඩලයේ සිදුකළ හදිසි පරීක්ෂණයකින් පසු ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතාගේ වැඩ තහනම් කර ඇති බව ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් තහවුරු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon