පදික වේදිකාවේ පලතුරු විකුණා රෝගී සැමියා රකින බේබි නෝනා

  👤  3289 readers have read this article !
By mawbima 2018-10-19

මීගහකිවුල - රුවන් කුමාර

ගමේ තැන තැන ඇවිද ගොස් එකතුකර ගන්නා ‍ෙදාඩම්, නාරං, අඹ, පේර ආදී පලතුරු වර්ග බදුල්ල නගරයට ගෙනැවිත් අලෙවි කර උපයාගන්නා සුළු මුදලින් වසර ගණනාවක් තිස්සේ ඔත්පලව සිටින තම සැමියා රැක බලා ගන්නා දිරිය බිරියක් කන්දකැටිය ගලඋඩ තලාකුඹුර ගම්මානයේදී අපට හමුවිය.

මේ වනවිට 65 වන වියේ පසුවන ඇය ඒ.කේ. බේබිනෝනාය,
බදුල්ල සතොස වෙළෙඳසල අසල පදික වේදිකාව ඇයගේ තාවකාලික වෙළෙඳසලයි. පදික වේදිකාවේ අතුරා ගත් හිස් පොහොර උරයක් මත ඇය රැගෙන ආ ‍ෙදාඩම්, නාරං, අඹ, පේර ආදී පලතුරු වර්ග ගොඩ ගසාගෙන අලෙවි කරන්නීය.

ගමට නිරන්තරයෙන් එල්ලවන වල් අලි තර්ජන නිසා තම ඉඩම්වල ගොවිතැනක් කළද ඉන් පලක් නොවීම නිසා මෙම වෙළෙ¼දාමට පිවිසුණු බවත් එක්තැන් වූ සැමියාගේත් තමාගේත් දෛනික වියපැහැදම් පිරිමසා ගන්නේ මේ වෙළෙ¼දාමෙන් උපයා ගන්නා සුළු මුදලින් බවත් ඇය කියා සිටියාය.

ඇය මෙසේද කීවාය.

මගේ මහත්තයා කාලෙකට ඉස්සර ගහකින් වැටුණා. එයාට දැන් කිසි වැඩක් පලක් කරන්න බැහැ. ගමට එන අලි නිසා කිසි වගාවක් කරන්න පුළුවන් කමකුත් නැහැ.
දරුවෝ හිටියත් අපි දෙන්නට සලකන්න ඒ අයට වත්කමකුත් නැහැ. අපි ඒ අයට කරදර කරන්න කැමැතිත් නැහැ.

ඒ නිසා තමයි මම මේ වගේ වෙළෙ¼දාමක් කරන්න හිතුවේ. අවුරුදු ගාණක් තිස්සේ මම මේ රස්සාව කරනවා. ගමේ තැන් තැන්වලට ගිහිල්ලා ඒ අයගේ වතුවල තියෙන නාරං, ‍ෙදාඩම්, වැල්‍ෙදාඩම්, ජම්බු, පේර වගේ පලතුරු ජාති එකතු කර ගන්නවා. මම ඒ අයගේ වතුවලටම යන නිසා අඩු මුදලකට මට ඒවා ලැබෙනවා.

මම උදේම ඒ ටිකත් මල්ලක දාගෙන බදුල්ල ටවුමට එනවා. කාලෙක ඉඳලා මම මෙතැන ඉන්න නිසා හුඟ දෙනෙක් මෙතැනට එනවා. ඒ අය මාව හඳුනනවා. ඒ නිසා හුඟ දෙනෙක් මෙතැනට ඇවිත් දෙහි ගෙඩියක් හරි අරන් යනවා.

මගේ අසරණකම නිසා ඒ අය මට බොරු කරන්නේ නැහැ. මමත් ලොකු ගණන් කියන්නේ නැහැ. සාධාරණ මිලකට දෙනවා. පාසල් දරුවොත් මගෙන් නාරං එහෙම ගන්නවා. මේවට වස විස නැති නිසා නගරේ නෝනලා මහත්තුරු මෙතැනට ඇවිත් අරගෙන යනවා. උදේ හත අට වෙනකොට අවොත් දවල් 12-01 වගේ වෙනකොට ගෙදර යන්න පුළුවන්. ඒ වගේම හවස් වරුවේ පහුවෙනිදාට විකුණන්න මොනවා හරි හොයා ගන්න පුළුවන්.
මේක ලේසි වැඩක් නෙමෙයි. උදේ ඉඳලාම මෙතැන මහ අව්ව. ඒ මදිවට දුවිල්ල. ඒත් ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕනි නිසා මම මේ රස්සාව කරනවා.

දැන් මට ඒවා පුරුදු වෙලා. බඩු ටිකක් වැඩිපුර තිබුණු දාට හොඳ මුදලක් අතට ලැබෙන නිසා හිතට පුංචි සතුටකුත් තියෙනවා. හැබැයි මෙතැන තියෙන තද අව්ව නිසා මේවා වේළෙනවා, මල්ලේ භාගයක් විතර තියාගෙන ටික ටික එළියට අරන් තමයි විකුණන්නේ.

මහත්තයට වගේම මට බේත් හේත් ගන්නත් වේලක් ඇර වේලක් හරි පිරිමහ ගන්නෙත් මම මේ හොයා ගන්න මුදලින් තමයි. හැබැයි ඒක මට දැන් හොඳට හුරුයි. ඒ වගේම මම මේ දේ හරිම සතුටින් කරනවා. ඒ වගේම මමත් මහත්තයාත් කොච්චර අඟ හිඟ තිබුණත් කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන නිසා අපි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon