ලබන වසරේ පළමු ශේ්‍රණියේ දරුවන්ට තවත් කෙනෙහිළිකමක්

  👤  3247 readers have read this article !
By mawbima 2018-10-19

ජේ.ටී. ද සිල්වා

රජයේ පාසල්වල පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලබාදෙන ලකුණු, අදාළ නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමේදී වෙනස් කරන අවස්ථා පිළිබඳව තොරතුරු වාර්තා වේ.

සම්මුඛ පරීක්ෂණයේදී දරුවාට හිමිවී ඇති ලකුණු ප්‍රමාණය සඳහන් පත්‍රිකාවක් නිකුත් කෙරෙන අතර පාසලට ඇතුළත් කර ගැනීමට නියමිත සිසුන්ගේ නම් ඇතුළත් ලේඛනය ප්‍රදර්ශනය කිරීමේදී ඇතැම් සිසුන්ට හිමි ලකුණු අඩුකර ප්‍රදර්ශනය කිරීමේ සිද්ධීන් බස්නාහිර පළාතේ පාසල් කිහිපයකින්ම වාර්තා වෙයි.

සම්මුඛ පරීක්ෂණයේදී කපා හැරෙන පාසල් සංඛ්‍යාව, නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමේදී වෙනස් කර ඒ අනුව ලකුණු අඩු කිරීම නිසා මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. ඇතැම් පාසල්වල සිදුවී ඇති මෙවැනි සිදුවීම් නිසා මවුපියන් විශාල පිරිසක් අගතියට පත්වී තම දරුවාට හිමි පාසල අහිමි වන තත්ත්වයක් උදාවී ඇතැයි පවසති. මෙය මවුපියන්ගේත් දරුවන්ගේත් මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බැවින් මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් බව අගතියට පත් මවුපියෝ පවසති.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන අභියාචනාවලින් පලක්වේදැයි එම මවුපියෝ ප්‍රශ්න කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon