වර්ෂයකට ලක්ෂ 7ක් ලැබෙන අලුත් වැල් ‍ෙදාඩම් ප්‍රභේදයක්

  👤  3390 readers have read this article !
By mawbima 2018-10-19

නුවන් හෙට්ටිආරච්චි

"අපි වවලයි - අපි කන්නේ" වැඩපිළිවෙළ යටතේ වාර්ෂිකව ගොවියකුට රුපියල් ලක්ෂ 7ක පමණ ආදායමක් උපයාගත හැකි වැල් ‍ෙදාඩම් විශේෂයක් හඳුන්වා දෙයි.

මෙම වැල් ‍ෙදාඩම් විශේෂ වගා කිරීම සඳහා මොනරාගල, පැලවත්ත ප්‍රදේශයේ වැල් ‍ෙදාඩම් වගා සංවර්ධන කලාපයක් ඉදිකළ බවත් අක්කර 1/2 බැගිින් අක්කර 35ක් පුරා ගොවීන් 75 දෙනෙක් එහි නව වැල් ‍ෙදාඩම් විශේෂය වගා කරන බවත් පවසන කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටිනුයේ මේ නව වැල් ‍ෙදාඩම් විශේෂය "හොරණ ගෝල්ඩ්" ලෙස නම් කර ඇති බවයි.

මේ පැළ සහ ඊට අවශ්‍ය වතුර පොම්ප, ට්ධ් බට, විසිරි ජල තාක්ෂණ උපකරණ ඇතුළුව එක් ගොවියකුට රුපියල් ලක්ෂ 7ක් පමණ වටිනා කෘෂි උපකරණ කට්ටලය බැඟින් උපකරණ 75ක් එම කලාපය තුළ වැල් ‍ෙදාඩම් වගා කරන ගොවීන්ට රජය විසින් ලබා දුන් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වැල් ‍ෙදාඩම් අස්වැන්න පෞද්ගලික අංශය විසින් මිලදී ගැනීමටද සියලු පහසුකම් රජය විසින් සලසා ඇති නිසා තම අස්වැන්න අලෙවි කර ගැනීම ගොවීන්ට ගැටලුවක් ඇති නොවන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon