ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී වසර 14ක් පැරැණි වාර්තාවක් බිඳ වැටෙයි

  👤  3131 readers have read this article !
By mawbima 2018-10-19

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන 49 වැනි ශ්‍රී මත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවැනි දිනය වන ඊයේ (18දා) දිනයේදී වසර 14ක් පැරැණි වාර්තාවක් අලුත්වීමද කැපී පෙනුණි.

අනුරාධපුර ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී සිලෝන් බිස්කට්ස් සමාගමේ "රිස්ට්බරි" අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ඊයේ වන විට නව තරගාවලි වාර්තා 5ක් පිහිටුවීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.


ඒ අනුව වයස අවුරුදු 12න් පහළ බාලිකා දුර පැනීමේ තරග ඉසව්වේදී මීටර් 4.79ක දුරක් සටහන් කරමින් පානදුර ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ශිහාරා සඳමිණි විසින් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ කේ. යූ. කාරියවසම් විසින් 2004 වර්ෂයේදී පිහිටුවා තිබූ තරගාවලි වාර්තාව බිඳ හෙළීය.

එමෙන්ම වයස අවුරුදු 15 පහළ බාලක මීටර් 80 කඩුලු ඉසව්ව තත්පර 11.5කින් නිමා කළ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ඩී. වී. ආරියවංශ නව තරගාවලි වාර්තාවක් බිහි කරද්දී එහි බාලිකා තරග ඉසව්වට සහභාගි වූ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ධමාෂා කහංගම තත්පර 12.6ක් සටහන් කරමින් වසර 12ක් පැරණි තරග වාර්තාවක් සම කිරීමට සමත් වූවාය. තවද මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ සෙව්මිනි නතාලි වයස අවුරුදු 15න් පහළ බාලිකා යගුළිය තරග ඉසව්වේදී මීටර් 9.87ක දුරක් සටහන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්වූවාය.

මේ අතර කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල නියෝජනය කළ දිනාරා බණ්ඩාර වයස අවුරුදු 15න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව තත්පර 27.2කින් නිමා කරමින් සහ ශෙනෙලා සෙනෙවිරත්න වයස අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩයේ මීටර් 200 බාලිකා ඉසව්ව තරගය තත්පර 27.7කින් නිමා කරමින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබිණි.

තවද හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ එන්. ඩබ්ලිව්. කරුණාරත්න වයස අවුරුදු 14න් පහළ යගුළිය ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී එම විදුහලේම හරිනි නිකිලියා වයස අවුරුදු 13න් පහළ බාලිකා මීටර් 80 කඩුලු තරගයේ රන් පදක්කම දිනා ගත්තාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon