ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ඉරිදා සිට

  👤  3199 readers have read this article !
By mawbima 2018-10-19

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව සංවිධානය කරනු ලබන 'ඩයලොග් චැම්පියන්ස් ලීග් 2018' පාපන්දු තරගාවලිය ඔක්තෝබර් 21 වැනිදා ප.ව.6.00ට ආරම්භ වීමට නියමිතව ඇති අතර, ඉතිහාසයේ පළමුවරට යාපනය ‍ෙදාරේඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගයේදී නිව් යංග් සහ සුපර් සන් කණ්ඩායම් තරග වදිනු ඇත.

13 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 18ක් සහභාගි වේ. පසුගියවර තරගාවලියේදී අවසන් ස්ථාන දෙකේ පසුවූ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායමට මෙවර තරගාවලිය අහිමි වූ අතර පළමු පෙළ තරගාවලියේ ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම් වන රත්නම් හා රෙඩ් ස්ටාර්ස් කණ්ඩායම් මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමි කරගෙන තිබිණි.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී අඛණ්ඩව සිවුවැනි වරටත් ශූරතාව හිමිකර ගැනීමේ බලාපොරොත්තු ඇතිව කළම්බු එෆ්.සී. කණ්ඩායම සහභාගි වේ.

තරග 153කින් සමන්විත මෙම තරගාවලිය ලබන වසරේ ජනවාරි අග වන විටදී සමාප්ත කිරීමට කටයුතු යොදා ඇති බව මෙයට අදාළව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදී ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ඡායාරූපය _ මංජුල දයාවංශ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon