සමස්ත ලංකා පාසල් ජිම්නාස්ටික් ශූරතා තරගාවලිය මැසිනොද් විදුහලෙන් කැපී පෙනෙන දස්කම්

  👤  3108 readers have read this article !
By mawbima 2018-10-19

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාවට පත්වූ සමස්ත ලංකා පාසල් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේදී වයස අවුරුදු 20න් පහළ ශූරයන් බවට පත්වන්නට ක¼දාන ද මැසිනොද් විදුහල් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් සමස්ත තරගාවලියේ තෙවැනි ස්ථානයද හිමිකර ගැනීමට සමත් වීම කැපී පෙනිණි.

එහිදී රෝමානු වළලු, අධාරක අශ්වයා සහ සමාන්තර දණ්ඩ යන අංශ තුනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට බී. දිල්ශාන් ළහිරු සමන්වීර සමත් වූ අතර භූමි ව්‍යායාම සහ අධාරක අශ්වයා අංශවල දෙවැනි ස්ථානය හිමි කරගැනීමට කේ. ජූඩ් මලින් බුද්ධික සමත් විය. මෙම සිසුන්ගේ පුහුණුකරු ලෙස චරක තුශීර මහතා කටයුතු කළ අතර විදුහල්පති ජානක ෆොන්සේකා සහෝදරතුමා සහ ක්‍රීඩාභාර ආචාර්ය මහින්ද පෙරේරා මහතාද මෙම ජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් සැපයූ බව සඳහන් කළ යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon