FCID බොරු සාක්කි නිසා ජොන්ස්ටන් දින 74ක් හිරබත් කෑවා

  👤  3170 readers have read this article !
By mawbima 2018-10-19

කිසිදු වරදක් නොකර දින හැත්තෑ ගණනක් සිරගතවී සිටීමට හේතූන් සෑදූ යහපාලන ආණ්ඩුවේ එෆ්.සී.අයි. ඩිය ඇතුළු නීතිය නවන සියලු පුද්ගලයන්ට එරෙහිව ගතහැකි උපරිම නීති ක්‍රියාමාර්ගයන් පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ නායකයන් සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

එෆ්.සී.අයි.ඩිය එජාපයේ ශාඛා සමිතියක් වන බවත්, නීතිය ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන පරිහානියට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද වගකිව යුතු බවත් ඒ මහතා පැවැසුවේය.

මෙවැනි කුමන්ත්‍රණ සහ මඩ ගැසීම් ආරම්භ වූවේ මංගල සමරවීර අමාත්‍යවරයා එ.ජා.පයට සම්බන්ධ වුණු දිනයේ සිට වන බව හා රටේ අපරාධ නැතිවී ඇතැයි යමෙක් පවසනවා නම් බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ඇත්තේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්න කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ අධිකරණ අමාත්‍යවරියට එය නිරීක්‍ෂණය කළ හැකි බවත්ය.

ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලබා සිටි ජොන්ස්ටන් මන්ත්‍රිවරයා එම චෝදනා සම්බන්ධයෙන් මහ අධිකරණයෙන් නිදහස ලබා පැමිණීමෙන් අනතුරුව ඊයේ (18දා) කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මේ මාධ්‍ය සාකච්ඡාවට එක්විය.

අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය, ආර්ථිකය මේ වන විට විනාශ වී ඇති බවත් සංඝරත්නය සහ රණවිරුවන් ඇතුළු පුද්ගලයන්ටද අත්වී ඇත්තේ කනගාටුදායක ඉරණමක් බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවැසීය.

හෙතෙම මෙසේද කීය.

රනිල් වික්‍රමසිංහ නීතිය නවන අයව ගෙනල්ලා නීති විනාශ කරලා දැම්මා. මගෙ නඩුව අසනකොට මටම කනගාටුවක් ඇතිවුණා. නීතිපති දෙපාර්තමේන්තුව කොහොමද හැසිරෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුව යටතෙයි.

මට අඬගැහුවා එදා ඇමැතිකමක් දෙන්න. නමුත් මම ගියාට නතර වුණේ නැහැ. ඒ හින්ද මාව හිරගෙදර යැව්වා. අපිට මරණ දඬුවම දුන්නත් මේ ආණ්ඩුවට යන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රශ්න තියෙනවාද කියලා හරියටම දැනගන්න ඕනෙනම් තියන්න ඡන්දයක්. එ.ජා. පයේ ප්‍රශ්න ගැන මම හොඳට දන්නවා. මලික් සමරවික්‍රමල කොහොමද සල්ලි හම්බ කරන්නේ කියලා. මම දන්නවා. එයාලා මන්ත්‍රිවරුන්ට සල්ලි බෙදුවේ කොහොමද කියලා මම දන්නවා. බැඳුම්කර හොරකම කරලා ලොරියක් සිරිකොතට ගෙනල්ලා සල්ලි බෙදුවා. දැන් ඉතින් දේශපාලන පළිගැනීම් නතර කරන්න. පළාත් සභා විසුරුවලද කියලවත් රනිල් මහත්තයා දන්නේ නැහැ. ඡන්ද තියන්න ඉක්මනට.

මට හිරගෙදරදී කරදරවලට මුහුණදෙන්න සිදුවුණා. 2006 ඉඳන් සතොස ආයතනයේ හිටපු සභාපති කෙනෙක් සහ සම්බන්ධීකරණ නිලධාරියකුත් හිටියා මාත් එක්ක. ඔවුන්ව සිරකරුවෝ ඉස්සරහා නිර්වස්ත්‍ර කරලා පරීක්‍ෂා කරා. ඒක කරේ ආණ්ඩුවෙන් එවපු කණ්ඩායමක් විසින්. 25 දෙනෙක් ඇවිත් කෑගල්ල බන්ධනාගාරය පරීක්‍ෂා කළා. කොළඹින් ගිය නිලධාරීන් පිරිසක් ඔවුන්. ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදියන්නේ කොහේද කියලාත් ඇසුවා. තලතා අතුකෝරලට ඕනේ මේ වගේ දේවල්. ඒ බන්ධනාගාරේ හිටපු බන්ධනාගාර අධිකාරිතුමා මගේ පාසලේ කෙනෙක්. ඔහුව දවස් දෙකෙන් මාරු කළා. මේවා කුමන්ත්‍රණ, නමුත් මාව හොඳට බලාගත්තා සිරකරුවන්.
විශේෂ කාර්ය බළකාය දානවා මත්කුඩු මර්දනය කරන්න කියලා නමුත් අද ලාභෙටම ගන්න පුළුවන් දේ තමයි මත්කුඩු.

මහාචාර්ය ජී.එල්.පීරිස්
විත්තියෙන් කිසිම කරුණක් විමසන්නේ නැතුවයි ජොන්ස්ටන් මන්ත්‍රිතුමාව නිදහස් කළේ. ජ්ඛ්ධ්ච් ය බොරු සාක්‍ෂි ඉදිරිපත් කරමින් තමයි මේ නඩුව ගොනු කළේ. ජ්ඛ්ධ්ච් ය දේශපාලන යාන්ත්‍රණයක්. ව්‍යාජ සාක්‍ෂි උසාවියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒ වගකිවයුතු පුද්ගලයන් හිරේ යන්න ඕනේ. හිරේ යන්න ඕනේ අපේ මන්ත්‍රිවරුන් නොවෙයි, නීතිය නවන පුද්ගලයන්වයි. අපි ඊට පියවර ගන්නවා. ජොන්ස්ටන් ඇමැතිවරයා දවස් 74ක් හිරේ හිටියා. දැන් කිසිම අපරාධයක් කරලා නැහැ කියලා අධිකරණය කියනවා.

කවුද මේවට වගකියන්නේ. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. නීතිය හමුවේ මේ ප්‍රශ්න පැන නඟිනවා.

මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපතිවරයා

එදා ශිරාණි බණ්ඩාරනායකව ධුරයෙන් පහකළේ නීත්‍යනුකූලවයි. ව්‍යවස්ථානුකූලව එය සිදුවුණා.

පාර්ලිමේන්තුවට කමිටුවක් දාලා එහි සාක්‍ෂි විමසලා ජේ‍යෂ්ඨ විනිසුරුවරියක් ඇවිත් සාක්‍ෂි දීලා ඒ සාක්‍ෂි අහලා ඒ මඟින් කටයුතු කළා. එහෙනම් මොහාන් පීරිස්ව යැව්වේ කොහොමද? එක ලියුමකින් අයින් කළේ.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජොන්ස්ටන් මන්ත්‍රිවරයා

ප්‍රශ්නය:-
ඔබතුමාටත් චෝදනාවක් ආව නේද ජනාධිපතිව ඝාතනය කරන්න යෑමක් පිළිබඳව.

පිළිතුර:-
ඒවත් මංගලලගෙ ව්‍යාපෘති. ඕවා වැරැදි තොරතුරු. දැනුයි ඝාතන ක්‍රමන්ත්‍රණ තියෙන්නේ. දැන් දවස් 35ක් මේ ඝාතන කුමන්ත්‍රණයටද මොනවද අරගෙන තිබෙන ක්‍රියාමාර්ග.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා
මේ දවස්වල සුජීව සේනසිංහ ඇමැතිවරයා ලියනවා පොතක් නම මොකක්ද ඒකේ? නම තමයි විදුලි දුම්රිය ඇත්ත නැත්ත.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ඡායා - තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon