මංගල තෙල් සූත්තරය පෙන්නයි...

  👤  3109 readers have read this article !
By mawbima 2018-10-19

දෙනගම ධම්මික රණවීර

ඉන්ධන මිල සූත්‍රය ර්අර්ථී = ඍ1 + ඍ2 + ඍ3 + ඍ4 බවත් එහිදී උපරිම සිල්ලර මිල (ර්අර්ථී), වරාය ගොඩබාන පිරිවැය (ඍ1), සැකසීමේ පිරිවැය (ඍ2), පරිපාලන පිරිවැය (ඍ3) සහ බදු පිරිවැය (ඍ4) ලෙස සැලකිල්ලට ගෙන සකස් කොට ඇති බවත්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

තෙල් මිල සූත්‍රය අනුව උපරිම සිල්ලර මිල ගණනය කිරීමේදී වරාය ගොඩබාන පිරිවැය යටතේ බොරතෙල් බැරලයක් සඳහා වන සිංගප්පූරු ප්ලැටිස් මිල මෙන්ම වාෂ්ප වීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් සැලකිල්ලට ගන්නා බවද කීවේය.

එමෙන්ම සැකසීමේ පිරිවැය යටතේ දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළෙඳ නියෝජිතයාගේ වට්ටම් සහ වාෂ්ප වීම මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ඇතුළත් බවත් හෙතෙම පැවැසීය.

පරිපාලන පිරිවැය යටතේ, සේවක වැටුප් සහ දීමනා වැනි වියදම් මෙන්ම රුපියලේ අගය අවප්‍රමාණ වීම ඇතුළු අනෙකුත් ආයතනික වියදම් සලකා බලන බවත්, බදු පිරිවැය යටතේ, රේගු බදු, වරාය බදු, ගුවන්තොටුපොළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැඟීමේ බදු ගැන සලකා බලන බවත් මංගල සමරවීර මහතා ඊයේ (18දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් පැවැසීය.

ඔක්තෝබර් 10ට පසුව බොරතෙල් බැරලයක මිල අඩුවෙමින් ඇති බවත් එය අඛණ්ඩව පැවැතිය හොත් තෙල් මිල සූත්‍රය අනුව තෙල් මිල අඩු වෙතැයි අපේක්‍ෂා කරගත හැකි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon