ජනාධිපතිගේ ග්‍රහයා ප්‍රබලයි

  👤  3244 readers have read this article !
By mawbima 2018-10-19

තමන්කඩුව - ගාමිණී ඔබේසේකර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ග්‍රහබලය ඉතාමත්ම ප්‍රබලයි. මෙම කාලසීමාව තුළදී කුමන්ත්‍රණකාරීන්ට එතුමාගේ ජීවිතයට කිසිදු හිරිහැරයක් කිරීමට හැකි වන්නේ නැතැයි ඇළහැර _ බකමුණ...ප්‍රාදේශීය සංඝ නායක ගෘස්ත්‍රපති ප්‍රවීණ ජේ‍යාතිෂවේදී ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

'මව්බිම'ට විශේෂ ප්‍රකාශයක් කරමින් දේවානන්ද හිමියෝ මෙසේද සඳහන් කළහ.

පසුගිය දිනවල ජනාධිපතිතුමාගේ ජීවිතයට හිරිහැර කිරීමට කුමන්ත්‍රණයක් පවතින බවට ආරංචි පැතිර ගියා. 2006 වසරේදී එතුමාට එළඹුණු රාජ යෝගය නිසා මේ රටේ රාජ්‍ය නායකයා බවට පත්වුණා. මේ කාලයේ එතුමාගේ ග්‍රහබලය ඉතාමත්ම ප්‍රබලයි. කිසිම සතුරකුට එතුමාට එරෙහිව කටයුතු කරන්න බැහැ. සතුරන්ගෙන් සිදුවන හානි පිළිබඳව කිසිවක් නොසලකා හරින වාසනා ගුණයක් තිබෙනවා.

පංචශීලය රකිමින් රාජ්‍ය පාලනය කරන ජනාධිපතිතුමා සෑම දිනකදීම ධර්මානුකූලව ජීවත් වන බව බොහෝ කලක පටන් හොඳින් දන්නවා. ධර්මානුකූලව ජීවත් වන පුද්ගලයා ධර්මය විසින්ම ආරක්ෂා කරන බව කිවයුතුයි.
ජනාධිපතිතුමාට කිසියම් හිරිහැරයක් කිරීමට උත්සාහ කරන පුද්ගලයන් මෙම කාලසීමාව තුළදී පරාජයට පත් කිරීමේ ග්‍රහ බලයක්ද පවතිනවා.

එතුමාට බල පවත්වන රාජ යෝගය 2025 වසර ඉක්ම වනතුරු බල පැවැත්වෙන අතර එම කාලසීමාව තුළදී මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරනවා පමණක් නොව ජාත්‍යන්තර කීර්තියට පත්වන බවද ස්ථිරවම ප්‍රකාශ කළ හැකි වනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon