සිරිමා මැතිනිය මෙන් දේශීය නිෂ්පාදනවලට වටිනාකමක් දුන්නා නම් අද රට ස්වයංපෝෂිතයි - ඇමැති මහින්ද අමරවීර

  👤  1856 readers have read this article !
By mawbima 2018-10-19

නුවන් හෙට්ටිආරච්චි

එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නොමැති බවත් 70 _ 77 කාල තුළ පමණක් එම වෙනස තිබූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

කොපමණ අමාරුකම් තිබුණද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේදී රටට වැඩක් වූ බවත්, දේශීය නිෂ්පාදනවලට වටිනාකමක් ඒ තුළින් එකතු වූ බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ එසේ දිගටම සිදු වූවානම් අද රට ස්වයංපෝෂිත රටක් වීමට ඉඩ තිබූ බවයි.

77න් පසුව 1994 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එකතුව පොදුජන පෙරමුණ රජය ආණ්ඩු කරන කාලයේද එම වෙනස සිදු නොවූ බවත් ඇමැතිවරයා පැවැසීය.

වර්තමානයේද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදු නොකරන්නේ පෞද්ගලිකකරණයට ඉඩ නොදීම බවත් එම නිසා 77 සිට අද වනතෙක් ආණ්ඩු තුළ කිසිදු පක්ෂයක් ප්‍රතිපත්තියක් අනුව වැඩ නොකළ බවත් ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon