හිටිවන කවි තරගයේ විශිෂ්ටතම කිවිඳියට හිමි සම්මානය කනංකේ ලතාට

  👤  1612 readers have read this article !
By mawbima 2018-10-19

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධාන කළ 2018 හිටිවන කවි තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් වසරේ විශිෂ්ටතම කිවිඳියට හිමි සම්මානය කනංකේ ලතා ද සිල්වා දිනා ගත්තාය. තරගකරුවන් පන්සියයක් පමණ අතරින් තෝරාගත් සිය දෙනකු අතර පැවැති හිටිවන කවි ගායනා තරගයකදී කවිය පිළිබඳ දැනුම සහිත මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක විනිශ්චයෙන් අනතුරුව ඇය 'කවි රැජ' සම්මානය දිනා ගැනීමට සමත් වූවාය.

ඇය වෘත්තියෙන් අම්බලන්ගොඩ, වේනමුල්ල භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ ජේ‍යාතිර්වේදය පිළිබඳ කථිකාචාර්යවරියකි. වසර තුනක් පුරා ළමා ආතතිය දුරු කිරීම සඳහා ළමයින්ගේ කාව්‍ය රසඥතාව වර්ධනය කිරීම අරමුණු කොට ගෙන 'නිදහසේ කවි මල්' නමින් කාව්‍ය වැඩසටහනක්ද දිවයින පුරා පාසල් සහ දහම් පාසල්වලදී පවත්වන ඇය මෙරට කවි බණ කියන පළමුවැනි කථිකාචාර්යවරියයි.

2012 වර්ෂයේ ජනවාරි 23 වැනිදා උදෑසන 9.30 සිට පසුදා (24දා) උදෑසන දක්වා නොකඩවා පැය 24ක් ඇය එක දිගට හිටිවන කවි කියමින් ලෝක වාර්තාවක්ද පිහිටුවා ඇත. කුඩා කල සිටම පාසලේ ගුරුවරු සහ විදුහල්පති එක්ව සකසා දුන් වැඩිහිටි කවි ඇසුර හේතුවෙන්ම ඇය මේ වන විට රාජ්‍ය කලාභූෂණ, කාව්‍ය රාජිනී, ශ්‍රී රෝහණ මාධුර්යවේදී, දිරිය ප්‍රසාදිනි, කාව්‍ය කීර්ති, කාව්‍ය ස්වර්ණ දේශබන්දු, දේශභිමානි, කලාබන්දු, සිරිකවිපති, කලා රාජිනී ඇතුළු සම්මාන රැසක් හිමි කරගෙන ඇත. කටාර් තානාපති කාර්යාලය මඟින් එම පරිශ්‍රයේ පැවැති උත්සවයකදී ඇයට 'ස්වර්ණ සිංහ' යන ගෞරව නාම සම්මානයද පිරිනමා තිබේ.

පුරවැසි ලංකා පදනම මඟින් එළැඹෙන නොවැම්බර් 20 වැනිදා ජේ‍යාතිෂයට කරන ලද සේවයට උපහාරයක් ලෙස 'ශ්‍රී විභූෂණ විශ්ව කීර්ති ජනාභිනන්ද' සම්මානයද ඇයට පිරිනැමීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon