කරුණු පහක් පදනම් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමේ තීරණයක

  👤  1609 readers have read this article !
By mawbima 2018-10-19

ජේ.ටී. ද සිල්වා

සෞඛ්‍ය ඇමැතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා නිසා උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පහක් පදනම් කරගනිමින් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම, වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පිළිගත හැකි අයකු පත්කිරීම, ලේඛකාධිකාරි තනතුරේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, වෛද්‍ය සභාවේ පුරප්පාඩු වී ඇති ධුර හතර සඳහා නිලවරණයක් පැවැත්වීම සතියක් තුළ සිදු කිරීමට පියවර ගත යුතුව ඇති බවත් එසේ නොකරන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

පවතින තත්ත්වය පිළිබඳවත් රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ක්‍රියාකාරකම් පිළිබඳව විරෝධය සමස්ත වෛද්‍යවරුන්ගේ අස්සනින් යුත් සන්දේශයක් මඟින් ජනාධිපතිවරයා වෙත භාරදීම, වෛද්‍ය සභාව හෑල්ලුවට ලක්වන පරිදි රාජිත සේනාරත්න ඇමැතිවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විරෝධය පළ කරන ලෙසත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත දන්වා යැවීමටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළ බවද වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් 'රට සුරැකීමේ ජනපවුර' සංවිධානය ලෙස සිදු කරන දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමටත්, ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ වාර්තාව රටට හිතකර යෝජනා සහිත වාර්තාවක් බවට පත් කිරීම සඳහා සිදු කළ හැකි සියලු මැදිහත්වීම් සිදු කිරීමටත් මධ්‍යම කාරක සභාව තීරණය කළ බව හෙතෙම පැවැසීය.

නිර්නාමික පෙත්සම් පදනම් කරගනිමින් වෛද්‍යවරුන් දඩයම් කිරීමටත්, වෛද්‍යවරුන් සිදුකරන රෝගී සත්කාර සේවාවන්ට පැහැදිලි ලෙස බාධා වන පරිදි අමාත්‍යාංශ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳ විරෝධය පළකිරීමටත් තීරණය වූ බවද වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon