ඉදිකිරීම් උපකරණ සොරාගත් සැකකරු 30දා තෙක් රිමාන්ඩ්

  👤  1605 readers have read this article !
By mawbima 2018-10-19

කුමුදු උපුල් ශාන්ත

බොරලැස්ගමුව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් නිවාස ඇතුළු නිවාස කීපයක තිබූ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ඉදිකිරීම් උපකරණ සොරාගෙන එකී උපකරණ විකුණා මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන සැකකාර පුද්ගලයකු ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය ඊයේ (18දා) නියෝග කළාය.

බොරලැස්ගමුව බෝධිරාජපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ගල්අරඹගේ සමන් කුමාර නොහොත් සමන්ත නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සැකකාර පුද්ගලයා ඉදි කරමින් පවතින නිවාසවලට රාත්‍රි හා දිවා කාලවලදී රහසිගතව ඇතුළු වී එම නිවාසවල තිබූ උදලු, රවුටර්, මිටි, වීල් මැෂින්, නියන්, වයර් ඇතුළු උපකරණ විශාල ප්‍රමාණයක් සොරාගෙන ඒවා විකුණා මුදල් ලබාගෙන මත්කුඩු භාවිත කර ඇති බවද අධිකරණයෙන් අනාවරණය කෙරුණි. බොරැලැස්ගමුව ජයන්ති මාවත, කහටගහවත්ත ඇතුළු ප්‍රදේශ කීපයකදී එම උපකරණ සොරාගෙන ඇති බවද ඒ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියට ලද පැමිණිලි කීපයක් පිළිබඳව උප පොලිස් පරීක්ෂක ගම්ලත් ඉන්දික (33332) යන නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද අනාවරණ විය.
බොරලැස්ගමුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන බුද්ධික (88112), සම්පත් (60024) පැමිණිල්ල මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon