ආදි ආනන්දීය 82 කණ්ඩායමේ විශිෂ්ටයන්ට උපහාර පුද කෙරේ

  👤  2650 readers have read this article !
By mawbima 2018-10-21

කොළඹ ආනන්ද විද්‍යාලීය ආදි ආනන්දීයයන්ගේ 82 වැනි කණ්ඩායම සංවිධානය කළ විශිෂ්ටයන්ට උපහාර පිදීමේ උළෙලේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා හා මේජර් ජෙනරාල් අතුල ආනන්ද සිල්වා, ආනන්ද විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතා අතින් උපහාර සම්මානයන්ගෙන් පිදුම් ලැබූ අවස්ථාව මෙහි දැක්වේ.

එහිදී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය දීප්ති කුමාර ජයසේකර, පොලිස් තොරතුරු තාක්ෂණ අංශයේ 118 හදිසි ඇමැතුම් සේවයේ අධ්‍යක්ෂ ආචාර්ය ජානක මුදලිගේ, කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ, සබරගමුව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ප්‍රභාත් උදාකර, සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න, සිලෝන් නිව්ස්පේපර්ස් (පෞද්) සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි යන ආදි ආනන්දීයයෝ උපහාර සම්මානයෙන් පිදුම් ලැබූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon