අද මෙයා... හෙට එයා... අනිද්දා මෙයා...

  👤  2861 readers have read this article !
By mawbima 2018-10-21

පොංටයි, පිංටයි සහාලවනේට උණ හැදිලා. බෙහෙත් ටිකක් ගන්න කියලා, ජෙනරල් හොස්පිටලයට ගියා.

"අෑ......බං පොං අයියේ මොකද දන්නැහැ වෙනද නැති කලබලයක් අද ..........?
"හැබෑටම හතර වටේටම බෝඩි ගාඩ්ලත් දාලා පිං මලේ...බලමු ටිකක් අහලා......... මේ ගාඩ් කොල්ලෝ මොකේ මේ............?"
"වැඩ බං........වැඩ.......ලොක්කෝ මාරුවෙන් මාරුවට ගුවන් ගතවෙන කොට අපිට වැඩ......!"
"ඒ..........මොකද......?"
"ඊයේ..........එයා.... අද මෙයා........... හෙට එයා.......අනිද්දා මෙයා.....ඉන් අනිද්දා එයා.......ලබන සතියේ මෙයා...........ඕං ඔහොම ගුවන් ගතවෙනකොට මෑන්ස්ලාගේ පැමිලිවල බොඩිය ගාඩ් කරලම අපිට එපා වෙනවා.........!"
"ඒ........වුණාට ඔය ගමන්වලින් රටට ආයෝජොකයො අම්බානකට එනවනේ.........?"
"අනේ....මේ......මඟුලක් කතා කරන්නේ නැතුව ආපු කාරණේ කියහන්........" සික්කට තදවෙලා ඇඟට කඩා පැන්නා.
"හරි....හරි.........අද මොකද මෙතන....?"
"හූ.ඇන්.පී. නඩේම ගෙනාවා බෙහෙත් අරන් දෙන්න......!"
"ඇත්තමනේ......අර මක්කැයි, මලිකා, ජොං, සාගැල, කිරි මුජී, මද්දුමයා, ටලටා, ඇල්ලේ කිරි වෙව්ලන්නේ.....?
"උණ මචෝ..........උණ......... නහුතෙට උණ!"
"ඩෙංගුද.......මැලේරියාද.......එන්සෙපලයිටීස්ද..........?"
"නැහැ.......නැහැ.........මේං මේ........පත්තර හෙඩිම දැකලා.......!"
"කෝ......හෙඩිම........?"
"මේං...........ශ්‍රී .ල.නි.ප.+ පොහොට්ටු භාරකාර ආණ්ඩුවක්..!"
"ඉතින් මුන්දෙලාට උණ........?"
"ඇයි බං.....මුන්ට කෙළවෙනවානේ.......!"
"එතකොට අයියලාට........?"
"අපි එදත් සිරිලංකා.......අදත් හූ.ඇන්.පී....හෙටත් බ්.ඍ.ර්ථී............හැක්....හැක්.....හක්...!"
කින්ඩි හිනාවක් දාගෙනම බොඩිගාඩ් අයියා කට්ටියව හොස්පිටලය ඇතුළට දක්කන් ගියා.
පොං සහ පිං බෙහෙත් ටිකක් අරගෙන නිදහස් චතුරස්‍රය පැත්තට ආවා කලම්බු මැරතන් තරගය බලන්න.
"අප්පට සිරි අපේ මළා ජෝං තුමත් ඉන්නවා.....සෑර් දුවන්නද.......?"
"අපෝ.............බය වෙන්න එපා දුවන්න තව අවුරුදු එකහමාරක් තියෙනවා.....!"
"ඒ....කොහොමද......?"
"ඇයි බං ඊළඟ ඡන්දෙට තව එකහමාරක් තියෙනවා..........අපිට දුවන්න වෙන්නේ එදාටනේ.........!"
"එහෙමවත් දුවන්න සෑර්ලාට පණ තියෙනවාද...........?"
"අපොයි ව්‍යාඝ්‍රා පාරක් දාලා රෙඩ් බුල් පාරක් ගහපුවාම නිකන්ම දිවෙනවා.........!"
"එතකොට අර එහා පැත්තේ ඉන්නේ............?"
"ඒ දුවන්ඩ ආපු ෆොරින් තරගකාරයෝ............!"
"එතකොට මේ පැත්තේ ඉන්නේ.....?"
"ඒ 62 ලක්ෂයේ ජනතාව..........!"
"ඒ අය මොනවටද..........?"
"ඊළඟ ඡන්දෙදි දුවන්ඩ පාර හොයාගන්න....!" එහෙම කියපු ජෝං තුමා තරගෙට කොඩිය වැනුවා.
"අම්මේ........මොකැ බං විජි විජිමුණියයි, හූවේ සේලයින් සිරි තුමයි බර කල්පනාවක....?"
"ඒකනේ...ඇරපිය සොයිසා කිව්වා....මොකෝ සෑර් ගිලෙන්න යන නැවේ කැප්ටන්ලා වගේ අස්පට් මූඩ් ගහලා......?"
"අස්පට් නැද්ද මල්ලි......අප්පච්චි මළාටත් වඩා අස්පැට්..........!"
"අර...........මොකෝ.?"
"ඇයි බං දෙපැත්ත එකතු වුණොත් අපිට යන කලදසාව මොකක්ද........?"
"එතකොට ඇස් බිස් ඔය යසඅගේට සෙට්වුණේ.....?"
"පොරගේ මල්ලි අහවල් නහරේ කපලානේ...!"
"ඉතින් ඔය කලබලේ කොහේද යන්නේ.......?"
"රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..........!"
"අෑ......ඒ මොනවටද....?"
"කටහඬ පරීක්ෂා කොරවගන්න....!"
"ඒ.....මොන කෙංගෙඩියකටද...?"
"පසුගිය ටිකේ දුන්න ටෝක්ස්වල වොයිස් එක අපේමද කියලා චැක් කොරවගන්ඩ..........!" එහෙම කියපු විජියි, හූවේ සේලයින් සිරියි අනුරපුරට ගියා දුමියවත් කැටුවම රස පරීක්ෂකයා හමුවෙන්ඩ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon