මව්බිම පුවත ගැන ඉඩම් අමාත්‍යාංශයෙන් කරුණු පැහැදිලි කිරීමක්

  👤  2783 readers have read this article !
By mawbima 2018-10-22

'මැනුම් සහායක 256න් 114ක් කාන්තාවන් වීම ඇමැතිට ගැටලුවක් වෙලා' යන ශීර්ෂ පාඨය යටතේ පසුගිය 18දා 'මව්බිම' පළවූ පුවත ගැන කරුණු දක්වමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවැරැදි කිරීමක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් එකී පත්වීම්වලට කිසිදු විරෝධයක් පළ නොකළ බවත්, කාන්තාවන් සඳහා මැනුම් සහායක පත්වීම් ලබාදීමට මුල සිටම විරෝධය පළ කරන ලද්දේ රජයේ මිනින්දෝරු සංගමය බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම අදාළ කරුණු පිළිබඳව පසුගිය 18දා රජයේ මිනින්දෝරු සංගමය සමඟ අමාත්‍යවරයා හා අමාත්‍යාංශ ලේකම්, මැනුම්පතිගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවේදී රජයේ මිනින්දෝරු සංගමය එකී පත්වීම් ලබාදීමට එකඟතාවකට පැමිණි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති මැනුම් සහායක පත්වීම් 256ක් ලබාදීම අද (22දා) පෙ.ව. 8.30ට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon