රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් අකුරට වැඩ නිසා නවකයන් බඳවා ගැනීමත් කල් ගිහින් -වෛද්‍ය ශිෂ්‍ය මවුපියෝ පවසති

  👤  2742 readers have read this article !
By mawbima 2018-10-22

ආරියරත්න ගනේගොඩ

රජරට වෛද්‍ය පීඨ මහාචාර්යවරුන් හා කථිකාචාර්යවරුන් ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි දෙසතිය තුළ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමට සිටි නවක සිසු සිසුවියන් බඳවා ගැනීම දින නියමයක් නොමැතිව කල්ගොස් ඇතැයි වෛද්‍ය ශිෂ්‍ය මවුපියෝ සඳහන් කරති.

වෛද්‍ය පීඨවලට නවක සිසු සිසුවියන් ඇතුළත් කරගැනීම ඉදිරි දෙසතිය තුළ ආරම්භ කිරීමට නියමිතව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

මේ අනුව රජරට වෛද්‍ය පීඨයට සිසු සිසුවියන් 185 දෙනකු ඇතුළත් වීමට සිටියද වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අවසන් වසරේ විභාගය දින නියමයක් නොමැතිව කල්ගොස් තිබෙන බවත්, ඒ හේතුවෙන් පළමු වසරට සිසු සිසුවියන් ඇතුළත් කරගැනීම කල් දමා තිබෙන බවත් වෛද්‍ය ශිෂ්‍ය මවුපියෝ 'මව්බිමට' කියා සිටියහ.

මේ පිළිබඳ 'මව්බිම' රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම සඳහන් කළේ, රඳවා ගැනීමේ දීමනාව අහිමි කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් වන බවත්, ඒ හේතුවෙන් අවසන් වසරේ විභාගය පැවැත්වීමට නොහැකි වී තිබෙන බවත්ය. අදාළ ගැටලුවට මෙතෙක් විසඳුම් ලබාදී නොමැති බවත් මීට අමතරව නැවත අවසන් විභාගය පැවැත්වීමට සිදුවනුයේ (2019) මාර්තු මාසයේදී බවත් වෛද්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.

වෛද්‍ය පීඨය තුළ පහසුකම් තිබෙනුයේ සිසු සිසුවියන් කණ්ඩායම් 06කට බවත් එහෙත් අනෙකුත් වෛද්‍ය පීඨවලට ශිෂ්‍ය කණ්ඩායම් බඳවා ගැනීමට නියමිත බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon