රට පැනපු සරසවි ඇදුරන්ට අර්ථ සාධක අරමුදල් නැති වන ලකුණු

  👤  2791 readers have read this article !
By mawbima 2018-10-22

හර්ෂනී අර්සකුලරත්න

විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය සඳහා උසස් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මෙරට විශ්වවිද්‍යාලවලින් ගිවිසුම්ගත වී උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු ගිවිසුම් කඩකරමින් යළි මෙරටට නොපැමිණීම හේතුවෙන් රුපියල් මිලියන 813ක මහජන මුදලක් ඔවුන්ගෙන් යළි අයකර ගැනීමේ ගැටලුවට විසඳුමක් ලෙස මේ පනත සංශෝධනය කිරීමට අවධානය යොමු වී ඇති බව එම ආරංචි මාර්ග පැවැසීය.

අයවිය යුතුව තිබෙන මුදල් ඔවුන්ගේ විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් අයකර ගැනීමට දැනට පවතින ප්‍රතිපාදන අනුව නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ අවසරයකින් තොරව එම මුදල් අරමුදලෙන් අයකර ගැනීම සඳහා පනත සංශෝධනය කිරීමේ අදහස කරළියට පැමිණ ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් පැවැසුවේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන එම විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කිරීමේ කතා බහ මීට වසර පහක හයක සිටම උසස් නිලධාරීන් හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ සිදුවීම පාදක කරගනිමින් විටින් විට ඉස්මතු වෙමින් පැවැති අතර නැවතත් ඒ පිළිබ¼දව දැඩි කතා බහක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මතුවී තිබේ.

රටක් ලෙස සිදු කර ගන්නා ආයෝජනයක් ලෙස මෙවැන්නන් විශාල මුදල් යොදවා උසස් අධ්‍යාපනය සඳහා විදේශවලට පිටත් කොට හැරියද ඉන් උගත් දැනුම මෙරට ප්‍රජාවට ලබා නොදුනහොත් එය රටට දැරිය නොහැකි පාඩුවක් බවත් එසේ මහජන මුදල් අවභාවිත කළ පිරිසගෙන් මුදල් ඔවුන්ගේ අර්ථ සාධක අරමුදල්වලින් හෝ අයකර ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවටත් නිදහස් මතධාරීන් මත පළ කරමින් සිටී.


කෙසේ වෙතත් මේ සංශෝධනය අරමුදල් හිමි අන් සේවකයන් හට අගතියක් සිදු නොවන අයුරින් කළ යුතු බවද ඔවුහු පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon